ගල් යුගයෙන් මෙහා! උබලා පිලි ගන්නට කැමති උනත් අකමැති උනත් රටක නීතියක් තියෙනවාය . ඒක නැති උන දවසට, වල් වැදුන දවසට එක එකා මරා ගන්නවාය. 88/89 මම ඒක දැක්කේය. 71 දී මගෙ තාත්තා ඒක දැක්ක බව මට කිව්වේය. 30 අවුරුද්දක් ප්‍රබාකරන් ඒක කල බව අලුතින් මූනු පොතට ආ එව්න් නොදන්නෝය. පාතාලෙ ඉදලා හිටලා කරනවා ඇහෙන්නේය. රටක නීති හදන්නෙ පාර්ලිමේන්තුවය. නීති කඩන එව්න් අල්ලන්නෙ පොලෝසියය. නීති කැඩුවම දඩුවම් දෙන්නේ උසාවියය. හැම මල ඉලව් නීතියකටම උඩින් තියෙන්නෙ රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවය. රටේත් නීතියේත් බවුන්ඩේසම ඒකය. ඔක්කොම එව්න් ඒකට යටය. ඒකට උඩින් යන්න නම් ඒක වෙනස් කොරගන්නට ඕනෑය. සජිත් මහත්තයාට හූ කියනේත්, රටේ නායකයාට මූනු පොතේ උපදෙස් දෙන්නේත් අර කියොපු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ට පින් සිදු වෙන්නටය. කොට්න්ම කරපු කුපාඩ් වැඩ වලට ගුටි නොකා ඉන්නේ මෙ රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා වක් තිබෙන නිසාය. නීතිය තියෙන්නේ ලොකු ලොකු අයට කියාලා ගොන් කතා කියා කොමෙන්ටු දමන්නෝ සියල්ල දත් නීති විශාරදයෝය. එකෙක් වරදක් කලා කියලා අල්ලා ගන්නේ පොලිසියෙන් ය. ඌ පෙනි පෙනී වරද කලත් පොලිසියට ඌට දඩුවම් කරන්නට බැරිය. මොකද රටේ නීතිය කැඩුව විට පො...
Posts
Showing posts from December, 2019
- Get link
- X
- Other Apps
බෝගහන්දියේ කඩ කාමරයක පැත්තක නිදා ගත් තාත්තා අලුතින් ඉදිවන ජනාවාස පෙදස වෙත පල්ලම් බහින්නේ පසුම්බිය තවත් රුපියලකින් හෝ බර කර ගන්නටය. සැබවින්ම ඒ ජන පොකුරු වැලි කතරේ කෙම්බිම් අත්දැකීමකි. දෙමසකට වරක් විතර එහි යන මට එය කටුක අත්දැකීමක් නොවූයේ මාගේ එදිනෙදා ජීවිතයද එලෙසම වූ එකක් නිසාවෙනි. අන්දර කටු ඇනුන දෙපා කූරටියා මුල් වලට රිදුම් නොදෙන බව මට ජීවිතයේ මුල් අවදියේදීම පසක් කර දුන්නේ එකිනෙක පරයා ලැබුන සංසාරගත කර්ම විපාකයන් ය. තාත්තා සොයාගෙන යන මා ( ඇත්තටම තවමත් මට තාත්තාව සොයා ගන්නට බැරිය. ඔහු යන්නේ වෙන පාරකය) ගමන අරඹන්නේ උදෑසනම බත් මුල් දෙකක්ද අරගෙනය. එකක් දවල්ට මට තනියෙන් කන්නටය. අනික තාත්තාත් සමග අම්මාගේ සෙනෙහස රෑට බෙදා ගන්නටය. තල්පොතින් පොලොන්නරුවට සැතපුම් දොලසකි. උදේම බසය ඇල්ලුවේ නැත්තං ආයෙ හවසය. රෙසිවේසමක් වූ අපේ වත්ත ඒ වන විට මුඩු බිමක්ව පැවතියේ තාත්තාගේ සරු දෑත කොරියන් කාරයන්ගේ කියන්නෑම් කොම්පැනියේ කොන්ක්‍රීට් අතර සිර ව තිබූ බැවිනි. කෙසෙල් කොලයේ බත් රසය. එය දර ලිපට අල්ලා පදම් කල විට මුලු බත් පතම සුවදය. ඔය ලග වැලි මුසු කරමැටි බිමේ හැදුන පැනිතෝර ...
- Get link
- X
- Other Apps
ඇත්තක් විය හැකි ප්‍රබන්ධයක්! ලංකානාථ කැම්පසයේ රැඩිකල් ය. ශිෂ්‍ය සබාවේ ක්‍රියාකාරිකයෙකි. ගමෙන් කොලඹ ආ ඔහු දැන් තට්ටු දෙකේ මන්දිරයක් හා රෝද හතරක් හිමි ධනපතියෙකි. ඉස්සර වගේ නෙමේ දැන් රැඩ්කල් එව්න් පෙන්නන්න බැරිය. JVP නං අජීර්ණ ය. චන්දෙට කලින් කොල පාටව තිබූ ඌගේ මූනු පොතේ දැන් ප්‍රොෆයිල පින්තූරය පොහොට්ටුවකි. ස්විස් ඇම්බසියේ සිද්දියේදී රට ජාතිය වෙනුවෙන් අම්බානක හැගීමෙන් කතා කරන්නෙකි. පිරිසිදු සිංහල බව්ද්ධයෙකු වන ඔහුගේ ඇගේ ඇත්තේ වෙල්ලස්සේ ලේ ය. කිසිදිනක උසාවියකට ගොස් නැති නීතිගරුක පුරවැසියකු වන ඔහුට ලෝයර්ලා අරහංය. මේ දින වල කලු කෝට්කාර උපුල් කුමාරප්පෙරුමයා පෙන්නන්නට බැරිය. ඌ රට පාවා දුන්නේය. මේ නිවාඩු කාලෙ අවිරුද්දක් පුරා ටික ටික එකතු කර ගත්ත සල්ලි වලින් පොඩි එකාගෙ අහසින් යන හීනෙත් සැබෑ කර ගන්නටත් එක්කම ලංකානාථ රට සවාරියක් යන්නේය. මල වදයක් නිසා ෆෝනයත් ගෙදර දමලාම යන්නේය. සාර්ථක නිවාඩුවක් ගත කරලා ආපහු ලංකාවට සතුට මුසු උජාරුවකින් එන්නේ හොද ෆොටෝ ටිකකුත් අන්තර්ජාලගත කර න...
- Get link
- X
- Other Apps
තනිව මා හඩනා වෙලාවේ අම්මපා උබ ඇවිදින්. ..... මේ ලියන මටත් කියවන උබටත් පටිට පිරිසක් ඉන්නවා නේද? දෙමව්පියෝ, ගෑනි හෝ මිනිහා. ලමයි, නෑයෝ, යාලුවෝ, staff members, නොනෑයෝ. .... ඒ ඔක්කොම බොරුවක් බං. ලොකු සීන් ඕනෙ නැහැ. ඉස්සර පනිට්ටුවට වතුර අරන් කක්කුස්සි ගිය උබලා දැන් wash room යනවා නේද? දවසට විනාවි 5ක් උබලා දැන් mirror එක කියන කන්නාඩිය ඉස්සරහා හෙලුවෙන් ඉදලා උබලටම කතා කරලා බලපල්ලා. අපි හැමෝම තනි උන මිනිස්සු. මේ මහ රෑ මම මේක ලියන්නෙත් උදේ පාන්දර හෝ කොයි මල ඉලව් වෙලාවෙක හරි උබ මේක කියවන්නෙත් අපි ලගම ඉන්න එකා එක්ක බෙදා ගන්න ඉලව්වක් නැතිව අපි තනි වෙලා හින්දා බං. අපිට මොකද මේ උනේ. ඉස්සර බස් එකේදි මොකෙක් හරි ලග වාඩි උනොත් ඌ පට්ට වාතයක් වෙනවා.,දැන් කතා කලොත් තරහා යනවා. බලාපල්ලා වෙඩින් එකකට හරි පාටි එකකට හරි ගිහින්. ටිකක් වෙලා යනකොට ලොකු පොරවල් එක්කො phone එකේ. නැත්තං තනියෙං නටනවා. මොකෝ උනේ බං අපිට. Phone එක ගෙදර අමතක උනොත් රෙදි නැතුව එලි බැස්සා වගේ නේද? ඊට හපං උබේ call වලට ගෙදර එව්න් උත්තර දෙයි කියලා වෙව්ලනවා නේද? Phone එකේ බැටරිය 🔋...
- Get link
- X
- Other Apps
ඔබ ලංකාවේ පිරිමියෙක් නම් ගෑනු යාලුවෝ කීයක් ඉන්නවාද? ඔබ ලංකාවේ ගැහැනියෙක් නම් පිරිමි යාලුවෝ කීයක් ඉන්නවාද? දරුවන් ගැනත් එසේම සිතා බලන්න. ඇත්තටම ලංකාවේ පිරිමින්ට ගෑනු යාලුවෝ නැත. ගෑනුන්ට පිරිමි යාලුවෝ නැත. මොන පිස්සුද අපිට ඉන්නවා කියලා දැන් එක එකාලා, එක එකීලා හිතින් මවා ගන්නවා නේද? උන් එකෙක්වත් යාලුවෝ නොවෙති. එයාලා අදුනන කට්ටියය. සැබෑ යාලුවෙක් නම් තනි ගෑනියෙකුට තනි පිරිමියෙක් එක්ක dinner එකට ගිහින් 🍺 බියර් එකකුත් බීලා එන්නට පුලුවන් විය යුතුය. කෙල්ලෙක් එලෙස කලොත් ඒකි දීගෙක ගිහිනුත් හමාරය. කොල්ලෙක් එලෙස කලොත් ඌ බඩු කාරයෙක් වෙන්නේය. බැදපු එව්න් එලස කලොත් ගෙදර එනකොට ලමා ලපටි ආච්ච්ච්ලා සීයලා ගාවය. සහකරුවාට මැරුන ආච්චී වැහිලාය. ඩිවෝසයෙන් කෙලවර අමා මහ සැනසීමය. ගැහැනියක් බඩුව, කෑල්ල, පට්ට කෑල්ල, සුපිරි බාන්ඩය වන්නේ කෙලෙසද? අප හරිම ලිංගික කුහක ජාතියකි. ලිංගික අහේනියෙන් ලිංගික හාමතට පත්ව ලිංගික මන්දපෝශනයෙන් පරිපීඩනයට පත්ව ඔලු අවකල් කර ගත්තෝ වෙමු. අයියාගේ තාත්තාගේ ලංකට් උජාරුවට ඉදිරිපස වැලේ එල්ලුවාට නංගිගේ අක්කාගේ එක පිටුපස වැලේය. නැත්තං රෙද්දකින් වසා අව්වේය. මල්වර වූ දින ...
- Get link
- X
- Other Apps
88/89 මාගේ පුද්ගලික අත්දැකීම්. ( කිසිවෙකු කෙරෙහි ද්වේශයෙන් තොරව ලියමි) ඒ කාලයේ මට වයස 16 කි. එවකට මාගේ පියා වැඩකලේ කොටදෙනියවේ පොල් වත්තකය. පොලොන්නරුවේ තල්පොත ගමේ මාගේ නිවස පිහිටියේ වෙල්යායක් මැද බැවින් එය සැගව සිටින්නෙකුට කදිම ආරක්ශිත තැනකි. රාත්‍රියට අපේ ගමේ සිටි ආයුද සන්නද්ධ සාමාජිකයින්ට අපේ පොලතු සෙවිලි කල කටුමැට් ගෙය නිදා ගැනීමට භාර දී නිවසෙන් බැහැරව යාබද සිරිවර්ධන මාමාලාගේ ගෙදරට යාමට මටත් අම්මාටත් නංගීටත් සිදු වූ වාර අනන්තය. මා පාසැල් යවන්නට එපා, ඔවුන්ගේ ආන්ඩුවක් ආ විට තනතුරු දෙන්නේ පක්ශයේ අයට පමනක් බවත්, ඉගෙනගෙන වැඩක් නැති බවත් ඔවුහු කීහ. එසේ කී අක්කා තාමත් අපේ ගමේ රැකියාවක් නැතුව සිටින්නේ ඇය 9 පංතියෙන් නැවතුන බැවිනි. හිගුරක්ගොඩ නගරයේ එක් දිනෙක 26 දෙනෙක් ( නත්තලට පසු දිනක) මරා දමා තිබෙනු දුටිමි. 25 දෙනෙකුටම තමන්ටම පෙට්‍රල් හලා ගන්නට අන කොට ටයර් දමා, තමන්ටම ගිනි තබා ගන්නට අන කොට වෙඩි නොතබාම පන පිටින් පුලුස්සා තිබින. එකෙකු පමනක් ගිනි මැද අසල පිහිටි ( මින්නේරි සිනමා අසලින් ගලන) ඇලට පනින්නට දුවන විට් වෙඩි කා තිබින. ජයන්ති හෝටලය තුල සිට කෑම කමින් මිනිසුන් මේ මිනි පිලිස්සෙන අය...
- Get link
- X
- Other Apps
88/89 මතකයන්. පසුගිය දාක දෝනිගේ ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා උත්සවේට ගියාම දැනුනා දැන් හැම දේම කොතෙක් වෙනස් වෙලාද කියලා. ඉස්සර අපේ ගමේ ( පොලොන්නරුව හිගුරක්දමන මහා විදුහල) නිවසාන්තර කවදාවත් අමතක වෙන්නෙ නැහැ හේතු දෙකක් නිසා. ඉන් පලවැන්න තමයි එහි තිබූ සොදුරු අත්දැකීම්. දිවීමේ මං තීරු ලකුනු කලේ කලු තෙල් ( used engine oil) වලින්. අපේ ගමේ හතර මායිමක service station එකක් තියා කාර් එකක්වත් තිබුනෙ නැහැ. ඉතින් ගෙවල් ගානෙ ගිහින් අත් ට්‍රැක්ටර් තියෙන ගෙවල් වලින් මේවා එකතු කරන්න සිදු වු නා. ගොඩක් අගය කරලා ගෙදරකින් දුන්නෙ බොහොම ටිකයි ඉතින්. දුර පනින්න වලට දහයියා ගමේ වී මෝලෙන්. නිවාස හදන්න ලී දඩු කැපුවෙ ගෙවල් වල වතු වලින් අවසර නැතුවම බොහෝ වෙලාවට. උන දඩු පන්සල් වත්තෙ ඔය පහලින් කපල මින්නේරි ඔය දිගේ ඇදගෙන ආවෙ. නිවාස හැදුවෙ මහ රෑ. ඒක ඇත්තටම වඩු වැඩ දන්න තාත්තලාගේ තරගයක් වගේ. හංසයා, මොනරා, තරු... ද.නි.ස. 1995 සංශොදනය තිබුනේ නැති නිසා ඉස්කෝලෙ අයියලාත් හරි නිදහසින්. තරග දවස හරිම මනරම්. ගමේ කටිටිය ගොඩක් පාරෙ ඉදන් තමයි බලන්නෙ පිට්ටනිය තුන් පැත්තකින්ම පාර තිබුන නිසා. 6 වෙනි දාවනපතය හම්බුන එකා අනාතයි, ඒක වලක්...
- Get link
- X
- Other Apps
අපි සරසවි කාලයේදී මෙකල මෙන් smart phone, internet නොතිබින. ගඩොල් බාග phone එකක් හෝ තිබුනේ "හුට්ටා" ට පමනි. මා බැරි බැරි ගාතේ බෝඩිමක නවාතැන් ගෙන සිටින බව දැනගත් Harendra dammayanoo කිත්යාගාරයට මාව ගෙන ගොස් මේකේ හිටපන් යැයි ඇදක් පෙන්නුවේය. සරසවියෙන් ඉවත් වෙනතුරු එහි සිටීමේ පින ඔහුට අනුමෝදන් කරමි. මගේ ඇදට උඩ ඇදේ හිටියේ තට්ටයෙකි. (එකල මා හට කොන්ඩය තිබින ). අනෙක් ඇදේ එදත් සූරයා අදත් සූරයා සූරිය . තට්ටයා leco එකේ මීටර් කියවූයේය. මාවද රැකබලා ගත්තේ ඔහුය. ඔහු මලාට දේශනයකට සහබාගි නොවීය. නිතර හදට ගියේය. දෙවන වසර වන විට හදට යෑමෙන් හා දේශන වර්ජනයෙන් අපිද ඔහුගේ අනුගාමිකයින් වීමු. ඔහු දැන් ඇමරිකාවේය. "බිල්ලා අයියා" විසින් මා hostel එකට අරන් ගිය ලෙසම මමත් එකෙක් අරන් ගියේය. හේ දම්මික බංඩාරය. දයාසිරි අයියා, ජයසිරි අයියා, මොහොට්ටාලයානෝ, රවී අයියා, මුදුනා, මදුරයානෝ, උඩ තට්ටුවේය. Sub worden දැන් ආන්ඩුකාරතුමෙකි. අල්ලපු කාමරේ බඩී, ඇන්ඩා ඇතුලු කන්ඩායමය. අරම්පතා, උර්බා ජූනියර්ලාය. උන් දැන් ආමි එකේය. යුද්දෙ ඉවර වුනේ උන් ආමි එකට බැදුනාමය. උන් වැනි එවුන් සමග යුද්ද කිරීමට ලැජ්ජා වී ප් රභා...
- Get link
- X
- Other Apps
88/89 මුල් වකවානුවේ තාත්තා වැඩ කලේ කොටදෙනියාවේ පොල් වත්තකය. එකල අද මෙන් ජංගම දුරකතන නැත. පනිවිඩ හුවමාරුව සෙමින් නමුත් ප්‍රභලය. ලිපි හෝ ටෙලිග්‍රෑම් පමනි. අවේලාවේ පියුම් මහතාගේ දැකීම මලගෙදර ටෙලිග්‍රෑමයකි. කාකි යුනිපෝමයක් ඇදි ඔහු අද පියුම් මහතාට වඩා හාත්පසින්ම වෙනස් අයෙකි. මාගේ බිරිදගේ පියානෝද එවැනි සදාදරනීය පියුම් තුමෙකි. දැන් පැන්සොන්ය. මාගේ තාත්තා 1971 දී කොලබින් ඇලහැරට පල්ලම් බසින්නේ අම්මාද රැගෙනය. ඊට අමතරව ඔහු සතු වූ එකම වස්තුව ඔහු සතු වූ පොත් සම්භාරයයි. මෙලොව සෑම දරුවෙකුටම තාත්තා ගැන කතාවක් ඇත. මටත් ඇත. සියල්ල ඔබට වැදගත් නැත. අසන්නට රිසි යැයි සිතෙන කොටස පමනක් ලියමි. රුසියන් සාහිත්ය, ශුද්ධ වූ බයිබලය, ශේක්ශ්පියර්, ලෙනින්, ඉංග්‍රීසි භාශාව දෙමල බස තාත්තා අසල නිතර දැවටින. ඔහු ඇවිදින පුස්තකාලයකි. Phd උපාදිදාරී alex perera අයියා මෙය සපත කරනු ඇතැයි සිතමි. 1977 ඇලහැරින් පොලොන්නරුවට තාත්තා එන්නේ තම එකම භව්තික වස්තුව වූ පෙර කී පොත් පෙට්ට්යද රැගෙනය. පොල් අතු සෙවිලි අපේ කටුමැටි නිවසේ සම්පූර්ණ දිග පලල දල වශයෙන් අඩි 20×20 පමන වන්නට ඇත. අම්මාත් මමත් තාත්තාත් නංගීත් ගොම මැටි පොලවේ පං පැදුරේ සතු...
- Get link
- X
- Other Apps
මෙය වසර 15 ක පමන මෑත ඉතිහාසයේ අනුරාද ග්‍රාමයේ කතාවකි. එකල විකියානෝ, ආනන්දයානෝ, නිර්මලියානෝ, මාලියානෝ එකල මානවක මානවිකාවන්ය.අද මෙන් සංකීර්ණ නැත. දේශපාලනය ඇත්තේම නැත. දිසා රජානෝ කීර්තියට සිංහයෙකි. මහා රජානෝ කලුය මිටිය. මහා රජානෝගේ පැමිනිලි කුමරා සුදු කොටාය. බියර් බීමට රුසිය. අනුරාද ග්‍රාමයේ නීති කැකුලෝ, මානවකයෝ, රජවරු, යුවරජවරු ට්‍රිපක් යන්නට සෙට් වෙති. යන්නේ කල්පිටියටය. හෝ ගාන පොකුනේ නෑම, ඉස්සෝ පොකිරිස්සෝ බුදීම කෙසේ වෙතත් මදු පැන් නෑම මානවකයන්ගේ යටි අරමුනය. ඕනෑම පරිසර තත්වයට අනුගත විය හැකි විකියානෝට මෙවැනි කිසිදු අරමුනක් නැත. ඌගේ අදහස විකල්ව ගිය එව්න්ගේ කිරියාපිලිවෙලට හිනාවීමය. ප්‍රදාන සංවිදායකයානෝ සදාදරනීය සජ්ජානෝය. උදෑසනම පිටත් වන්නට සූදානම්ය. ට්‍රිපේ සල්ලි වෙනම එකතු කෙරේ. නැටුම් තෙල් සම්මාදාම තොප්පියටය. තොප්පියට සල්ලි එකතු කිරීම සුද්දාගේ බසින් හැට් කලෙක්ශන්ය. එහිදී දෙන ගානක් භාර ගත යුතුය. අවමයක් නැත. කතා නායකයා ට්‍රිපේ මුලු සල්ලි ලෙස මුදලක් තොප්පියට දමන්නේය. ආයෙත් ට්‍රිප් එකට සත පහක වියදමක් මගෙන් නොමැති බවට පූර්ව දැනුම් දීමකි. විරුද්දව කිසිවක් කිව නොහැක. සැබවින්ම අපි ඔහුට බයය. ට්...
- Get link
- X
- Other Apps
සජිත් මහතාට ප්‍රභාකරන්ගේ ඇදුම අන්දවා photo දමා ඇත. අපි දිනුවේ සිංහල බවුද්ද චන්ද වලින් යැයි උදම් අනන්නෝ වෙති. එහෙත් අප තේරුම් නොගත් දෙයක් ඇත. සජිත් මහතා කිවූ දේ දකුන පිලිගෙන නැත. ගෝටාබය මැතිතුමා කී දෙය උතුරට ඇසී නැත. නමුත් උතුරේ ශිවාජිලිංගම්, නැගෙනහිර හිස්බුල්ලා දකුනේ ගෝටාබය මැතිතුමාට පැරදී ඇත. එහි පනිවිඩය වටහා ගනු හැර උතුරට බැනීම අදුරට යාමකි. එසේ නම් නව රජයකට ඇති ප්‍රබලම අභියෝගය දෙපැත්තටම ගැලපෙන කිරියාපිලිවෙලක් සොයා ගැනීමයි. එය කටුක වනු ඇත. දකුනේ අප ඉවසීමෙන් එය දරා ගත යුතුය. උතුර අකමැති නව ජනපතිතුමා උතුර කැමති ජනපතිතුමෙක් වන රටක් කරා එකමුතුව ගමන් කරන තුරු අපි තව තවත් බෙදී වෙන්වෙමින් සිටිමු. කොලබ සිට යාපනයට කතා කල යුතුව ඇත. ඊලාම් සිහිනය මුලාවක් බව පෙන්වීමට ඔවුන් වෙන සහෝදරත්වයේ දෑත දිගු කරනු හැර බිත්තියට හේත්තු කිරීම නොකල යුතු බව අප සියලුදෙනා අවබෝධ කරගත යුතුය. ඉතා කඩිනමින් උතුරු අධිවේගී මග බිහිවේවා. තම්බිමුත්තු ග්‍රාමනිලදාරි මහතා සදලංකාවේද, දිසානායක මහතා පලාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද වැඩ කරන රටක් බිහි වනු දැකීම සැබෑ ලාංකීය පැතුමය. දශකයකට පෙර මහ පොලව යා කල අබිනව ජනපතිතුමාට හදවත්...
- Get link
- X
- Other Apps
මගේ තාත්තාගේ නෑදෑ ඇසුර අල්පය. උග්‍ර බව්තිකවාදියෙකු වූ ඔහු කිසිවකට හෝ කිසිවෙකුට නොවැන්දේ නමුත් පුද්ගලයින් දෙදෙනෙකුට එය ආරෝපනය නොකලේය. එක් අයෙකු අකුරු කියවන්නටවත් නොදත් නමුත් දැනුමින් හා මිනිසත් බවින් මා හට කිසි දිනක ලං විය නොහැකි මගේ ආච්චීය ( අම්මාගේ අම්මා). අනික් කෙනා සීයාය. 1970 ගනන් වල සීතල දුරුතු මහේ සැතපුම් බාගයකටත් එහා සිටි අපගේ ආසන්නම අසල්වැසියා සමග හුලු අත්තක් අතැතිව උත්තුංග දේහදාරී මනුස්සයෙක් අපේ පොල් අතු පැලට පැමිනෙන්නේ දුර්ලබ නෑයෙක් විලසිනි. එදින තාත්තාගේ හැගුම් බර වීම දැනුදු මාගේ නෙතට කදුලු උනන්නකි. දරිද්‍රතාවය පමුඛ කොටගත් හේතු රාශියක් මැද බොහෝ නෑයින්ගෙන් වෙන් වී සිටි අපිට සිටියේ වේයෝ පමනි. පෙර කී චරිත දෙක හැරුන විට ලගින් සිටියේ බාප්පා ය. ( වසරකට පෙර අප හැරගිය ඔහු සොදුරු මිනිසෙකි) සීයා අපි සමග ගත කල දින කීපය තාමත් සුන්දර දසුන් මවයි මාගේ සිතේ. මිහිරි කතන්දර ඇසුවෙමු. වෙල්යායේ ඇවිදිම ඔහුට ප්‍රිය විය. කොල්ලන් මාලු අල්ලනවා දැක සතුට ලැබූවෙමු. නියර වලින් පලා කැඩුවේ අම්මාද කැටුව ගොසිනි. පැමිනි දිනයේ මෙන්ම ඔහු යන දිනයේදීත් තාත්තා හැගුම්බර වෙම්න් පසග පිහිටුවා ඔහුට වැන්දේය. අපිත් තාත්...
- Get link
- X
- Other Apps
පංචිකාවත දිවියේ දී හමුවන විදේශික මිත්‍ර Patrick ගේ කොටදෙනියාවේ පොල්වත්තේ රැකියාව තාත්තාට අහිමි වන්නේ ඔහුගේ මරණයත් සමගය. මට මතක හැටියට එකල මා සාමාන්‍ය පෙළය. නංගි මට වඩා වසර පහක් බාලය. දින කීපයකට පසු ලැබුණු හෝඩුවාවකට අනුව රැකියාවක් සොයා තාත්තා පිඹුරත්තෑවට යන්නේය. අරමුන කම්කරු රැකියාවකි. අපේ ජීවිත වලට නම් එය තානාපති කමක් මෙන් මහා ලොකු දෙයකි. කොම්පැණිය කොරියන්ය. නමින් කියන්නෑම් ය. ඉන්නේ කොරියානුවන් ය. සුදුසුකම් ලෙස බලන්නේ අතපය තිබීම, විධානය ඇසීම, කරන්නට පෙනීම පමණි. තාත්තාගේ වාරය පැමිනේ. ඔහු කොරියාට කඩුවෙන් කොටන්නේය. කොරියාට කඩුහරඹ බැරිය. එය බොහෝ කොරියන් ට පොදු වූ සාධකයකි. ඌට වැටහෙන එකම දෙය තමා ඉදිරියේ සිටින මේ මිනිසාට කම්කරුවකුට වඩා වෙනත් රැකියාවක් ලබා දිය යුතු බවයි. කොරියාට ලබා දිය හැකි ඉහළම තනතුර වූ ෆෝමන් තනතුරක් තාත්තාට ලැබේ. එය මහත් ඉහළ රැකියාවකි. ඕටී ද ඇතුලුව මසකට රුපියල් 4500 ක් පමණ ලැබේ. තාත්තා යටතේ කම්කරුවන් 15ක් 20ක් පමණ වැඩ කරති. මහවැලියේ නව ජනපද පෙදෙසක් වන සඳුන්පුර, බුරුතගස්පිටිය පෙදෙස්වල කැලෑ බිම එක යායට ඩෝසර් කර ඇත. ඇළවල් කපා ඇත. බෝක්කු දමා නැත. එහි බෝක්කු දැමීම කණ්ඩායමේ කා...
- Get link
- X
- Other Apps
අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ලොකුබංඩාය. උප ප්‍රින්සිපල් රම්බංඩාය. ප්‍රින්සිපල්ට අපි කිව්වේ ලොකු සර් කියලාය. රම්බ්ංඩා සර්ගේ ගෙවල් හතේ කනුවේය. ඇන්දේ නැශනල්ය. හැතැම්ම දෙකක් විතර උදේට කඩිසර ගමනින් වෙල් යාය මැදින් ඇති බොරලු පාරේ අපි සමග පයින් එන්නේය. මම වෙල් යායෙන් පාරට ගොඩ වී උදේ සර් එනකන් බලන් ඉන්නේ යන ගමන් රස කතා අසන්නටය. හවසටත් එසේමය. ගෙවල් ලගින් එක එකා හැරී ගිය පසු රංබංඩා සර් ඉතිරිය තනියෙම යන්නේය. හැබැයි ඉතින් අපේ ගමන හති දමමිනි. සර්ගේ ගමනත් එක්ක අපිට දුවන්නට සිදු වන්නේය. ඉස්කෝලෙට මා භාරදෙනකොට ප්‍රදාන සිසු නායක ඇලෙක්ස් අයියාය. ඔහු දැන් Phd කරුවෙකි. ලොකු සර් වූ ලොකු බංඩා ඉස්කෝලේ එන්නේ පා පැදියෙනි. එනම් පුශ් බයිසිකලෙනි. නැත්තං පුට් සයිකලෙනි. අනේ මන්දා පුටාර් එකෙනි. අන්න හරි වචනේ පුටාර් එකෙනි. සර් එන්නේ ගල් අමුනේ සිටය. හැතැම්ම 4ක් 5ක් ඇතිය. උදේට ඉස්කෝලෙට පයින් ගාටන හෝ පුටාර් එකේ එන එව්න්ගේ මහමග හැසිරීමද කැමරාවට වැටේ. මග හැසිරීම අව්ල් නම් එනකං රැක සිට ඉස්කෝලේදී නෙලන්නේය. සියලු පුටාර් තාක්ශන පංතියේ පිටුපස ගාල් කෙරේ. එනමුත් ලොකු සර්ගේ එක කාර්යාලයේ ජනේලෙන් පේන මානයේය. කොයි තක්සලාවෙත් කොල්ලන්ගෙන්...
- Get link
- X
- Other Apps
කලින් එක ලියා තීන්ත වේලෙන්නටත් පෙර ලියනා නිසා එකෙක්වත් දකීවිදැයි සැකය. වැඩි වුනාම එපා වෙන්නේය. ඒ හැටිය. ඒත් කල් නොයවාම මෙය ලියන්ට සිතේ. හරි පුදුම ඉස්කෝලේ මගේ ප්‍රින්සිපල් ගැන පසුගියදා ලියවුනේය. මුල් පෝස්ටුවට අනුව ඔහු දෙව්ලොවය. දැන් පෙනෙන පෝස්ට්ටුවේ ඔහු මනු ලොවය. මාගේ මාමන්ඩියාගේ සැටලයිටයෙන් බිරින්දෑ හරහා මට සම්ප්‍රේෂණය වූ පනිවිඩය අනුව ඔහු ටිපරයකට යට වී තිබින. පෝස්ටුව කියැවූ සමහරු නිවන් සුව පැතූහ. අකුරු වී තිබූ ඇතැම් සිදුවීම් මත ඔරිජිනල් බයියෙක් වූ Sumudu Hewage මා මිතුරා අනා වැකි කියා තිබුනේ ලියැවෙන ලෙසට පාරේ බහින්නට බැරි වෙන සැටි බවකි. සුමුදුවා මට අහම්බෙන් උසාවියේදී හමු වූ කදිම යහලුවෙකි. දෙදෙනාගේ hairstyle සම වීම යහලුකමට මුල් වූවාදැයි නොහැගේ. මට ඌ දුටු පලමු දසුනේම සතුටක් දැනුනේ ඌටද මට මෙන්ම කොන්ඩේ නැති නිසාවෙනි. මිනිසුන්ගේ හැටි එහෙමය. අනෙකාටද නැති නම් ඉවසාගත හැක. දුක තමන්ට නැති එක අනෙකාට තිබීමය. බස් හෝල්ට් වල සිට කාර් දෙස යොමන දෙදෙනෙත් කියා පාන්නේ එහි සරල යථාර්තයයි. සුමුදුවා අඩුවෙන් හමු වී වැඩියෙන් හිට් වූ එකෙකි. ඇතැමුන් නිරතුරු මුන ගැසුනද ජීවිතයට මුහු නොවේ. වරක් දෙවරක් හම...
- Get link
- X
- Other Apps
අපි 10 පංතියේදී ප්‍රජනනය ගැන පාඩමක් තිබින. එහි ශරීරයේ ඇදුම් වලින් වැසී ඇති කෑලි අලංකාරෙට ඇද තිබින. සමහර කොල්ලෝ ඒවා පාටද කර තිබින. අපේ ගමේ ඉස්කෝලේ හැම අලකලංචියක්ම කියා දෙන්නට සිටියේ දිසාපාමොක්ලා අතලොස්සකි. බුද්ධාගම සර්ම ක්‍රීඩාද කලේය. පෙර කී පාඩම උගන්නන්න නියමිතව තිබුනේ සර් කෙනෙකු විසින් නොව ටීචර් කෙනෙකු විසිනි. පාඩම් එකින් එක ඉවර වී එකී රසවත් පාඩම එන තුරු අපි ඇගිලි ගනිමින් සිටියෙමු. එය සැබවින්ම කුහුල, විනෝදය, අවලං කම මුසු වූ විකාරරූපී හැගීමකි. තරුන ටීචර් කෙනෙකු කෙසේ මෙවැ නි පාඩමක් උගන්වන්වේදැයි සිතන විට කිචි කැවෙන හැගීමක් අප තුල ඇති විය. පෙරුම් පුරා අදාල දිනය උදා විය. ටීචර් පංතියට නොආවේය. මග ඇරියේය. හැමදාම මග අරින්නට බැරිය. පසු දිනක එන්නට සිදු විය. එහෙත් අපේ පැතුම් ඉටු නොවින. අඩුම ගානේ පංතියේ සිටි පැතුමයාගේවත් පැතුම් ඉටු නොවින. ටීචර් පාඩමෙන් පැන ඉදිරි පාඩම කලේය. අපි ප්‍රජනක පද්ධති වෙනුවට එකිනෙකාගේ මූනු බලා ගත්තෙමු. යන්නට ලෑස්ති වී ටීචර් කිව්වේ ප්‍රජනනය පාඩම තනියෙම කියවා ගන්නා ලෙසය. ගෘහ විද්‍යාව ඉගැන්නුවේද එම තරුන ටීචර්මය. ඇය කෙල්ලන්ට එම පාඩම වෙනම ගෘහ විද්‍යා කාමරයේදී කියා දී තිබුනේ කො...
- Get link
- X
- Other Apps
ඉස්සර තිබුනේ නිල් පත්තරය. වැඩිහිටියන්ට හොරෙන් ඒවා කියවීම සොයා ගැනීම, සගවා ගැනීම, රස විදීම අතිශය දුශ්කරය. කාමර කිසිවක් නොමැති වූ අපේ ගෙදර නම් ඒ කෙරුවාව සිහිනයක්ය. ලගම නගරයට හැතපුම් හයකි. අප පමනක් දන්නා පත්තර බාර් වල ඒවා සගවා විකිනේ. ලස්සන අක්කලා බාගෙට ඇදගෙන මුල් පිටු සරසන්නේය. අපේ ගම් වල බාල මහලු සියල්ලෝ සයිකල් පැදීමට රුසියෝ වී තිබුනේ ප්‍රවාහන පහසුකම් වලට පින් සිදු වන්නටය. ඉරිදා පොලට හැතැම්ම 7ක් මාගේ මාමන්ඩි මෑතක් වන තුරු පැද්දේ පෙර කී පුරුද්දටය. පත්තරයක් සොයා ගැනීමේ අදහසින් පදින කොල්ලන්ට කිසිදු වෙහෙසක් නොවීය. ගමට ගෙනා පත්තරේ ගම වටේ ගියේය. ගෙවල් වල ගෙන යා නොහැකි නිසා සගවා තැබුනේ වෙල් යායේ පැල් වල හෝ ඉටිරෙදි වල ඔතා කූරටියා ගාල් වල හෝ කමතු වල පිදුරු අස්සේය. අද මෙන් සුනාමි මැශින් නොතිබූ බැවින් අස්වනු නෙලීමට එකල වෙල් යායවල් මැද "සියල්ලෙන් සරුසාර" කමතු විය. වෙල මැද පිහිටි එය වෙලේ හතර මායිම පෙනෙන කදිම කෙම්බිමකි. ගමේ වලත්ත කොල්ලන් අතහැර කොලොම්තොටට ගියේ උගතුන් හා මුසුව ඉගෙනුමටය. නැවතුනේ කිත්යාගාරයේය. උන් ගමේ මෝඩයින්ගෙන් පෙරා ගත් උගතුන්ය. පුදුමයකි උන් ලගද පෙර කී නිල් පත්තර තිබින. වෙන...
- Get link
- X
- Other Apps
Cabinet has decided to abolish permits for the transport of sand, granite & rubble with effect from today - Minister S.M Chandrasena- adaderana.lk ඉවරයි ඉවරයි ඉවරායි. චන්ද්‍රසේන ඇමතිතුමාලා මොනවද දන්නේ. අපි කිව්වා පොහොට්ටුවට දෙනකොට ඕක වෙනවා කියල. පරිසරය කන්න පටන් අරන්. දැන් සනීපද. වැලි ජාවාරම්කරුවන්ගෙන් පගා අරගෙන. අයියෝ.. අම්මෝ.... වැලි ගැන මා දන්නා දෙය මෙලසය. මොකක්ද මේ කැන්සල් කරලා තියෙන්නේ...? වැලි ගොඩ දාන්න , බූ විද්‍ය හා පතල් කාර්යාන්ශයෙන් කැනීම් බලපත්‍රයක් දෙන්නෙ ස්ථානය පරීශා කොරලාය. එකී මහා පරිමාන ක්‍රියාව සදහා විශාල බද්දක් අය කරන අතර එය නිරතුරු අධීක්ෂණයට යටත්ය. එසේ අවසර ලබාගෙන ගොඩ දානා වැලි කන්නට බැරිය. එතන තියාන පොහොර උර වල තබා විකුනන්නට බැරිය. බෝම්බ හැදීමට හෝ සමාජ රෝග පැතිරවීමට යොදා ගන්නේද නැත. රැගෙන ගොස් විකිනිය යුතුය. එකී බලපත කැන්සල් කොරලා නැතිය. අත තියා ඇත්තේ එතනින් මෙහා කිරියාවලියටය. එසේ ගොඩ දානා වැලි නිකං රැගෙන යා නොහැක. එයටද ආයෙත් බලපත්‍රයකි. එයට කියන්නේ ප්‍රවාහන බලපතය. එය එක ලොරි ගමනකට රුපියල් පන්දහසකට වැඩිය. බලපතක් ගන්නට අන කරන්නේ පරිසරයට ආදරේට නොව බදු ගන...
- Get link
- X
- Other Apps
ඉන්දියාවේ දොස්තර නෝනා කෙනෙක්ව දූශනය කරල මැරුවයි කියන කොල්ලො හතර දෙනා පොලිසියෙන් වෙඩි තියලා මරලා. නියම වැඩේ අංගජාතය කපලා කටේ ඔබන්න තිබ්බේ. අපේ රටේත් ඔහොම මම තමා කරන්න ඕනේ. 88/89 දීත් ඕකම තමා කලේ. එල්ටීටීඊ එකත් කොලේ ඔහොමම තමා. පාරේ සුදු ඉර නොකපා එසේ කැපුවා යැයි තර්කයට හසුව අවසන අවනතව දඩ කොලය රැගෙන එන අපි ඉන්දියන් පොලිසිය හරි යැයි තප්පුලමු. සමාජයක ශිෂ්ටත්වය මනින්න තියෙන ප්‍රධානම ඒකකය තමයි ස්වාධීන අධිකරනයක පැවැත්ම. ඒ වගේම අභියාචනා කාර්ය පටිපාටියක පැවතීම. කරා කියලා සැක කර න මිනිහෙක්ව අල්ලගත්ත ගමන් පොලිසිය දඬුවම් කරනවා නං ඒ රටකට උසාවියක් ඕනෙ නෑ. එල්ලුම් ගහේ පැවැත්ම නොපැවැත්ම හෝ එල්ලන්නට කාලයක් ගතවීම යාන්ත්‍රණයේ දෝෂයක්. නමුත් නඩු ඇසීමට කාලයක් ගත වෙනවා කියලා අල්ලගත්ත සැකකරුවකු මරන්න කිසිවෙකුට අයිතියක් නෑ. පුද්ගලයෙක් අපරාධයක් කරාට රජයකට අපරාධයක් කල නොහැකිය. සමාජයක් නිතරම සිතිය යුත්තේ අපරාධකරුවාට වඩා ඉදිරියෙනි. ඔබ හෝ ඔබගේ හිතවතෙකු කිසිදිනක නොකළ වරදකට පැටළුණ විටකදී පොලෝසියෙන් දඩුවම් කරන සිද්ධිය කොච්චර හරිද වැරදිද කියලා තේරේවි. එවැනි විටක අධිකරණ ක්‍රියාවලියක පැවැත්මේ වටිනාකම ඔබට දැන...