මගේ තාත්තාගේ නෑදෑ ඇසුර අල්පය. උග්‍ර බව්තිකවාදියෙකු වූ ඔහු කිසිවකට හෝ කිසිවෙකුට නොවැන්දේ නමුත් පුද්ගලයින් දෙදෙනෙකුට එය ආරෝපනය නොකලේය. එක් අයෙකු අකුරු කියවන්නටවත් නොදත් නමුත් දැනුමින් හා මිනිසත් බවින් මා හට කිසි දිනක ලං විය නොහැකි මගේ ආච්චීය ( අම්මාගේ අම්මා).
අනික් කෙනා සීයාය. 1970 ගනන් වල සීතල දුරුතු මහේ සැතපුම් බාගයකටත් එහා සිටි අපගේ ආසන්නම අසල්වැසියා සමග හුලු අත්තක් අතැතිව උත්තුංග දේහදාරී මනුස්සයෙක් අපේ පොල් අතු පැලට පැමිනෙන්නේ දුර්ලබ නෑයෙක් විලසිනි. එදින තාත්තාගේ හැගුම්බර වීම දැනුදු මාගේ නෙතට කදුලු උනන්නකි. දරිද්‍රතාවය පමුඛ කොටගත් හේතු රාශියක් මැද බොහෝ නෑයින්ගෙන් වෙන් වී සිටි අපිට සිටියේ වේයෝ පමනි. පෙර කී චරිත දෙක හැරුන විට ලගින් සිටියේ බාප්පා ය. ( වසරකට පෙර අප හැරගිය ඔහු සොදුරු මිනිසෙකි)
සීයා අපි සමග ගත කල දින කීපය තාමත් සුන්දර දසුන් මවයි මාගේ සිතේ. මිහිරි කතන්දර ඇසුවෙමු. වෙල්යායේ ඇවිදිම ඔහුට ප්‍රිය විය. කොල්ලන් මාලු අල්ලනවා දැක සතුට ලැබූවෙමු. නියර වලින් පලා කැඩුවේ අම්මාද කැටුව ගොසිනි. පැමිනි දිනයේ මෙන්ම ඔහු යන දිනයේදීත් තාත්තා හැගුම්බර වෙම්න් පසග පිහිටුවා ඔහුට වැන්දේය. අපිත් තාත්තාව අනුකරනය කලෙමු. B.O.P. 317 හන්දියට ගොස් බසයට ඇරලවා බසය ඇල පාරේ වලවල් වල වැටෙමින් වංගුවෙන් නොපෙනී යනතෙක් බලා සිටියෙමු.
මාස කීපයකට පසු අමාරුවෙන් බස් ගාස්තු එකතු කොටගත් තාත්තා මාද සමග සීයා බැලීමට කොලොම්තොටට ආවේය. මරදානේ එල්පින්ස්ටන් පැත්තෙන් පංච්කාවත්ත බව දැන් දනිමි. නිවෙස් අසලින් යන විට හතර අත මුසල්මානුවන්ය. කලකට පසු තාත්තා දුටු ඒ මුස්ලිම් මිනිස්සු ආදරයෙන් තාත්තා වැලද ගනු දුටුවෙමි. මා හට අදටද මතකයේ රැදී ඇති ඇසදුටු සුන්දරම ජාතීන් අතර සිප ගැනීම එයය. මා හිතුවේ සීයා මුස්ලිම් මිනිසුන් අතර පදිංචි වී ඇති බවකි.
සීයාගේ නිවසට ගොඩ වැදුනෙමු. අහෝ සිංහල සීයා හැර නිවැසියන් සියල්ල මුස්ලිම්ය. ඔවුන් තාත්තාව වැලද අදද මට නොතේරෙන දමිල බසින් සුවදුක් විමසති. තාත්තාගේ ද්‍රවිඩ බසේ හැගුම්බර බව මම ඉගි බිගි වලින් දකිම්න් වටහා ගනිමි. කුඩා මාගේ සිත කීරි ගැහේ. මගේ ජාතිය කුමක්ද.
මම හිත හදා ගනිමි. සීයා ඇත. ඔහු මා මෙන්ම සිංහලය.එහෙත් කුකුසක් ඇත. රාත්‍රිය ගෙවෙත්ම ඔහුද මුස්ලිම් ජාතිකයෙක් බව මට වැටහින. අහෝ මාගේ පියා මුස්ලිම්. මමයි නංගියි අම්මයි විතරක් සිංහල.
පසුදින මාගේ මුස්ලිම් නෑදෑයන්ට සමුදුනෙමු.
"පුතේ ඒ මගේ තාත්තා නැති කල මාව කුඩා කල ඉදන් හදා ගත්ත තාත්තා තමයි ඒ" බස් එකේදී මාගේ තාත්තා මට කීවේය. සිරිමා ශාස්ත්‍රි ගිවිසුම යටතේ පවුලේ එක් සාමාජිකයෙකු මෙහි හැරදමා එකෙකු ඉන්දියාවට පිටමං කල දිනක දුම්රියපලේ platform එකේ කෙරවල දක්වා දුව ගොස් මෙහෙ එකා සිහිසුන්ව වැටෙනු තාත්තා දුටු කතාවද ඔහු කීවේය.
මිස්‍ර නගරයක් වූ කොලොම් පුර පසුකර කැලනි පාලමෙන් මෙපිටට ගොඩ වී නැවතත් අපි සුද්ද සිංහල පමනක් සිටි තල්පොතට පැමිනියෙමු. දශක හතරක් ගත විය. අදටත් මට දමිල වචනයක්වත් බැරිය. දමිල මුස්ලිම් යාලුවෝ අතේ ඇගිලි ගානටය. ඒ අල්පයද උන්ට සිංහල තේරෙන නිසාවෙනි.

ප්‍රබන්ධයක් නොවේ.
අරවින්ද හබක්කල.
Comments
Post a Comment