කලින් එක ලියා තීන්ත වේලෙන්නටත් පෙර ලියනා නිසා එකෙක්වත් දකීවිදැයි සැකය. වැඩි වුනාම එපා වෙන්නේය. ඒ හැටිය. ඒත් කල් නොයවාම මෙය ලියන්ට සිතේ.
හරි පුදුම ඉස්කෝලේ මගේ ප්‍රින්සිපල් ගැන පසුගියදා ලියවුනේය. මුල් පෝස්ටුවට අනුව ඔහු දෙව්ලොවය. දැන් පෙනෙන පෝස්ට්ටුවේ ඔහු මනු ලොවය. මාගේ මාමන්ඩියාගේ සැටලයිටයෙන් බිරින්දෑ හරහා මට සම්ප්‍රේෂණය වූ පනිවිඩය අනුව ඔහු ටිපරයකට යට වී තිබින. පෝස්ටුව කියැවූ සමහරු නිවන් සුව පැතූහ. අකුරු වී තිබූ ඇතැම් සිදුවීම් මත ඔරිජිනල් බයියෙක් වූ Sumudu Hewage මා මිතුරා අනාවැකි කියා තිබුනේ ලියැවෙන ලෙසට පාරේ බහින්නට බැරි වෙන සැටි බවකි. සුමුදුවා මට අහම්බෙන් උසාවියේදී හමු වූ කදිම යහලුවෙකි. දෙදෙනාගේ hairstyle සම වීම යහලුකමට මුල් වූවාදැයි නොහැගේ. මට ඌ දුටු පලමු දසුනේම සතුටක් දැනුනේ ඌටද මට මෙන්ම කොන්ඩේ නැති නිසාවෙනි. මිනිසුන්ගේ හැටි එහෙමය. අනෙකාටද නැති නම් ඉවසාගත හැක. දුක තමන්ට නැති එක අනෙකාට තිබීමය. බස් හෝල්ට් වල සිට කාර් දෙස යොමන දෙදෙනෙත් කියා පාන්නේ එහි සරල යථාර්තයයි. සුමුදුවා අඩුවෙන් හමු වී වැඩියෙන් හිට් වූ එකෙකි. ඇතැමුන් නිරතුරු මුන ගැසුනද ජීවිතයට මුහු නොවේ. වරක් දෙවරක් හමු වන්නෝ සදා මතකයේ රැදෙන අවස්ථා එමටය. එසේ හමු වන ඇතැම් දෙනෙත් හදවත කීරි ගසනු දැනී තිබේ. ලං වීම හෝ නොවීම සංසාර බැදියාවකි. සුමුදුවා අනාවැකි මරුවෙකි. ගෝටාබය මැතිතුමා ජනපති වන බව බොහෝ කලකට පෙර දැක්කේය. සුමුදුවාගේ අනාවැකිය දෙ හෝරාවකදී මාගේ අතේ පත්තු විය. නිවන් සැප ලැබේවා බැනර වලට යටින් AH Ariyalatha කලකින් නෙත නොගැටුන මාගේ පංති මිතුරිය ලියා තිබුනේ සෑර් පනපිටින් බවය. ගමෙන් එතෙරව ගොස් ඈ වෙද හාමිනේ කෙනෙක් විය. එකල එය ලංකාවෙන් කාල් ලුවිස් කෙනෙකු බිහි වන්නක් වැනිය. මෙකල මට දෙලෝ රත් විය. ඇයට ඇමතීය. අහෝ මාමන්ඩියා දෙවන වරටද මාව අමාරුවේ දා තිබෙන බවකි. මලා කී ඇදුරානෝ පන පිට්නි. වහා පෝස්ටුවේ අවසන මකා වලදමා තිබූ ඇදුරානෝ ගොඩ ගත්තේය. පන පිටින් ගම්ගත කෙරින. නිවන් සුව ලැබේවා බැනර් ගැලවූයේ පෝස්ටුකරුවන්ගේ අවසරයෙන් තොරවමය.
සිද්දිය සැල වූ මාගේ දස හැවිරිදි දියනියක කිවේ එනමින් ගමේ දෙදෙනෙකු සිටින්නට බැරි නැති බවත් එබැවින් සීයාට වරදින්නට ඇති බවත්ය. නිරවුල් මනස් ඇති පොඩ්ඩන්ට අපට වඩා පෙනෙති. කිව්වා හරිය. මැරී ඇත්තේ අල්ලපු ගමේ වෙන බංඩෙකි. ඇදුරානෝ යහතිනි. ඔහුගේ පුතන්ඩියන් දෙදෙනා පෝස්ටුව දුටුවා නම් මේ වන විට මා අනුරපුර නිසල නිම්නයේය.
ඉස්සර රෙදි නැන්දා ගම වටා පයින් ගාටමින් කල ගම ගිනි තැබීමට දැන් තාක්ෂණය මුසුව ලෙහෙසියෙන් ගෙදර සිටම කෙරේ. රෙදි නැන්දා ලවා මල්වර වූ දියනිය නැහැව්වේ දීග දෙන වයසේ කැකුලියක් ඉන්නා බව ගම පුරා කියන්නටය.
මූනු පොතෙන් මිනිසුන් පන පිටින් වලලන බවට අවිචාර මගේ මුල් පෝස්ටුව උනු උනු අත්දැකීමකි. පෝස්ටුවේ අවසන මකා ඇදුරානෝ ගොඩ ගැනීමට හැකි වූයේ දෙහෝරාවක් ඇතුලත මිහි මත ඇත්ත හෙලි වූ බැවිනි. එදා අපේ ගමේ සිටි අහිංසක රෙදි නැන්දලා පරදවමින්, වත්මන් රෙදි නැන්දලා, මාමලා පන පිටින් මූනු පොතෙන් මිනිසුන් වලදමමින් සිටින්නේ සාහසික ලෙසිනි.

පන පිටින් ඉන්නා අයෙකු මල බව කී විට ආයු වැඩි වන බවට විශ්වාසයක් සිංහල අපට ඇත්තේය. එකී විශ්වාසය මට සැනසීමකි. උපරිම බව්තිකවාදය සැනසීම දුරස් කරන්නේය.
ලොකු සර් බැලීමට ලබන සතියේ බුලත් අතක් අරන් යන්නේය. දෙමාපියන් හා ගුරුවරුන් කවදත් සමාව දෙන්නට රුසියෝය.

Aravinda Habakkala
Comments
Post a Comment