Posts

ඇත්තම කියන්නද?

 ඇත්තම කියන්නද? දැන් අර්බුදය බෙල්ලටම එරිල තියෙන්නෙ. පාලකයින් කල් මරනවා. අපි හැමෝම ප්‍රමාණවත් විරෝධයක් පාලකයින්ට දක්වන්නෙ නෑ. මධ්‍යම පන්තිය ඉතා වේගෙන් අර්බුදය තුල ජීවත් වීමේ ක්‍රමවේදයට හැඩ ගැහෙමින් ඉන්නවා.  ගෙවතු වගා කරනවා, බයිසිකල් පදිනවා, බස්  එකේ යනවා, කරුවලේ ඉන්නවා හැමනෙනවා. මේ ගානට උද්ධමනය තිබ්බොත් පාන් ගෙඩිය ලබන දෙසැම්බරේ  රුපියල්  එක්දාස් දෙසීයට යනව කියල නිවුස් එකක් දැක්කා මම. එහෙම උනොත් මධ්‍යම පන්තිය එක වේලට හෝ දෙවේලට හැඩ ගැසේවි.  V8, බෙන්ස්. අවුඩි, හමර්, මොන්ටෙරෝ  තෙල් පෝලිම් වල තියෙන්නෙ ඉතාමත් කලාතුරකින්. ත්‍රී  වීල් භවතුන් පෝලිම් වල ඉන්නෙ එයාලටත් එක්ක. එලියෙ පැට්‍රල් එක්දාස් පන්සීයයි. සල්ලි යහමින් තියෙන එකා  වේ වෙලාවෙ  කලු කඩෙන් ගෑස් එකත් ගන්නවා.තෙල් පෝලිමේ ප්ලේස්  එකක් පන්දාහයි, දෙදාහයි.  හැකි හෑම එකාම මොනවා හරි ලයින් එකක් ගහලා fuel පර්මිට්  එකක් හදා ගන්න මේ දවස් වල ට්‍රයි එක. බූලි තියෙන හැම එකාම පුලුවන් මට්ටමින් ගෙවල් වල බූලි වල තෙල් පුරවන්.  පුලුවන් නම් ජුන්ඩට රබර්පටියක්  දාල පෙට්‍රල් බීලා ගෙදර ගිහින් සින්ක් එකට පුරව ගන්නවා අපි. ඉස්කෝල දවස් තුනයි. රජයේ කාර්‍යාල සතියට දවස්

ලිංගික හිංසනය

 ලිංගික හිංසනය. ******************* හිරුනිකාගේ දේශපාලනයට මම කැමති නැත. කොටින්ම මම හිරුනිකාට හෝ මේ රටේ කිසිදු දේශපාලකයෙකුට කැමති නැත.  මෙය ලියන මා පිරිමියෙක්‍ ය. හිරුනිකා ගැහැනියෙක් ය. ඊට අමතරව තර්ඩ් ජෙන්ඩර් එකකුත් මේ ලෝකේ ඉන්නෝය. උන්ට නම් අපේ රටේ ගහන්නේ ගල් ය. එහෙත් පිටරටවල නම් සමරිසි විවාහයන්ද නීත්‍යානුකූලය. අපේ එක ගෙයි කෑමට හා චාරිත්‍ර විවාහට කෙලවා කසාද සහතිකේ අතට හුරු කල සුද්දා දැන් ලිවින් ටුගෙදර් ය.  අපි රටක් ලෙස ලිංගික සාක්ශරතාවයෙන් ඉන්නේ බොහෝම පහලය. කොටින්ම කියනවා නම් ලමයි ඉන්න එක හෝ නැති එකද අපේ රටේ චන්දය දෙන්නට හේතුවක් වුනේය. ලමයි ඉන්න එකාට චන්දය දී හොදටම කරවා ගත්තේය. ඌ ලමයින්ගේ පමණක් නොව මහ උන්ගේද අංගජාතය හා භගමනිය තලා දමා වියරුව සිනාසුනේය. නාකි මයිනා, කපුටා සර් සමග එකතු වී අම්මටසිරි කලේය. දැන් රටම ආසා ඊලග ආත්මේ ඌගේ තාත්තා වෙන්නය. හිරුනිකා අගමැති නිවස ඉදිරිපිට අද උද්ගෝශනයක් කලේය. ඒක හරි කියන්නට, වැරදියි කියන්නට හා ඒ ගැන අදහසක් නොකියා ඉන්නට මේ රටේ මිනිසුන්ට අයිතියක් ඇත්තේය. එහෙත් අපිට පෙනෙන්නේ හිරුනිකාගේ පියයුරු පමණක් නම්, පෝස්ට් හැදෙන්නේ ඒ ගැන නම් අපි පට්ටම අලුගුත්තේරු අසහනකාර

දිලීප්ගේ ලේලි.

 දිලීප්ගේ ලේලි. **************** මල පැන්නාම කුණුහරප කීප පිරිමින්ට විතරක් අයිති දෙයක්ද? මිනිසුන්ට ඇවැසි  තමන්ට යමෙකු   ගහන්න බෙල්ලෙන් ඇද්දාම ඉතිපිසෝ ගාථාව කියන ගෑනියෙක්ද?  අඩෝ බලා ගමු කෑලි කපනවා කියන ගෑනියෙක්ද?  සාමාන්‍යයෙන් වැඩිපුර වලි දා ගන්නේ පිරිමින් ය. ඉදහිට ගැහැනුන්‍ ය. පිරිමින් වලි දා ගත්තම ඒ මැද්දට පනින අපේ ගෑනුන් කරන්නේ අපේ එකාවම අල්ලා ගන්නා එකය. එවිට වෙන්නේ පිට එකා අපිට අම්බානක නෙලන එකය. මගේ ගෑනී දිලීප වෙදආරච්චිගේ ලේලිය වගේ වෙනවාට මා නම් කැමතිය. හැම මොහොතේම  හුරතල් වන ගෑනුන්ගෙන් වැඩක් නම් නැතිය. වීඩියෝ එක එලියට එන්නේ පොලිසිය පැත්තෙන් කරපු රෙකෝඩින් එකෙන් ය. පොලිසියට බැන්න එක වැරදි උනත් කතාවට සාධාරනයක් වීම සදහා වීඩියෝව සම්පූර්ණයෙන් තිබුනා නම් හොදය. අපේ රටේ පොලෝසිය වාහනයක් නැවැත්තුවාම එහි ඩ්‍රැයිවරයාට දාන ලෙඩ ගොඩ ඔය ලොකු මහත්තුරු කවුරුවත් නොදන්නේ රස්සාව වින්ස්ක්‍රීන් එකේ ගහගෙන යන නිසාය. නැවැත්තුවාම රස්සාව අසා යන්න සර් කියන නිසාය.  එසේ හැමදාම යන්න පුරුදු වුන එවුන්ට මොනවා හරි කීවාම මල පනින එක මේ රටේ හැටිය.  කුණුහරප නොදන්නා ගැනියෙක් හා ට්‍රැෆික් වරදවල් වලට පොලිසිය සමග ඇර නොගත් පිරිම

මගෙ දූට අපහාස කල තට්ටයා

 මගෙ දූට අපහාස කල තට්ටයා ******************************** මේ පෝස්ට් එක දාන්නෙ බල්ලො ගැන ලියපු පෝස්ට් කීපයක් එක්කම මගේ  ප්‍රොෆයිල් එකයි හබක්කොලම පේජ් එකයි දෙකම රිපෝට් කරල ෆ්බ් එකෙන් සදහටම අතු ගානවා කියලා වෝනින් දීලා පැය විසි හතරකට කට වහල තිබ්බ එක ඇරිච්ච ගමන්මයි. මේකත්  රිපෝට් කරපල්ලා දැන් සඝ සසුනට අපහාස කරනවා කියලා.  එක දවසක් තට්ටයෙක් මරු කියවනවා ඇහුනා සිරුර දකින්නෙ නැතුව ළමයි හදන්නලු. රෙදි පටියකින් ඇස් බැදලා රමණය කරන හැටි ගැන වෙන්න ඇති ඒ කිව්වෙ.  ආයෙ  බණක් (ඒවාට බණ කියලා කිව්වම අපිට පවු පිරෙනවා) කියනවා ගෑනු ළමයි උපදින්නෙ බොරු කිව්වමලු. හම්පඩ තට්ටයිනි එක එකාගෙ කොන්ත්‍රාත් බාර අරන් බුද්ධාගම ව්කෘති කරන අලුගුත්තේරු කතා නොකියා ඉදපල්ලා. ප්‍රසිද්ධ වෙන්න ඕනෙ නම් කොලපතක් අරන් හෙලුවෙන් පාරෙ පල. ලිංගිකත්වය මත, ඒ කියන්නෙ උඹට ලිංගයයි ගැනියෙකුට යෝනියයි තිබීම හේතුවෙන් උඹ ලොකු පොරක්  කියල හිතනවා නම් ඔය එල්ලෙන එක නමලා ඔතා ගනින් ඉණ වටේ.  කාන්තාවන්ට,  පුරුෂයින්ට හෝ ට්‍රාන්ස්ජෙන්ඩරයින්ට ඔවුනගේ  ලිංගිකත්වය පදනම් කරගෙන එකෙක් අනෙකාට වඩා උසස් හෝ පහත් යැයි හිතන එක, දෙසන එක මහා සක්කිලි වැඩක් බල්ලෝ.  උඹේ අම්මා ප
ගල් යුගයෙන් මෙහා! උබලා පිලි ගන්නට කැමති උනත් අකමැති උනත් රටක නීතියක් තියෙනවාය . ඒක නැති උන දවසට, වල් වැදුන දවසට එක එකා මරා ගන්නවාය. 88/89 මම ඒක දැක්කේය. 71 දී මගෙ තාත්තා ඒක දැක්ක බව මට කිව්වේය. 30 අවුරුද්දක් ප්‍රබාකරන් ඒක කල බව අලුතින් මූනු පොතට ආ එව්න් නොදන්නෝය. පාතාලෙ ඉදලා හිටලා කරනවා ඇහෙන්නේය. රටක නීති හදන්නෙ පාර්ලිමේන්තුවය. නීති කඩන එව්න් අල්ලන්නෙ පොලෝසියය. නීති කැඩුවම දඩුවම් දෙන්නේ උසාවියය. හැම මල ඉලව් නීතියකටම උඩින් තියෙන්නෙ රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවය. රටේත් නීතියේත් බවුන්ඩේසම ඒකය. ඔක්කොම එව්න් ඒකට යටය. ඒකට උඩින් යන්න නම් ඒක වෙනස් කොරගන්නට ඕනෑය. සජිත් මහත්තයාට හූ කියනේත්, රටේ නායකයාට මූනු පොතේ උපදෙස් දෙන්නේත් අර කියොපු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ට පින් සිදු වෙන්නටය. කොට්න්ම කරපු කුපාඩ් වැඩ වලට ගුටි නොකා ඉන්නේ මෙ රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා වක් තිබෙන නිසාය. නීතිය තියෙන්නේ ලොකු ලොකු අයට කියාලා ගොන් කතා කියා කොමෙන්ටු දමන්නෝ සියල්ල දත් නීති විශාරදයෝය. එකෙක් වරදක් කලා කියලා අල්ලා ගන්නේ පොලිසියෙන් ය. ඌ පෙනි පෙනී වරද කලත් පොලිසියට ඌට දඩුවම් කරන්නට බැරිය. මොකද රටේ නීතිය කැඩුව විට පො
බෝගහන්දියේ කඩ කාමරයක පැත්තක නිදා ගත් තාත්තා අලුතින්  ඉදිවන ජනාවාස පෙදස වෙත පල්ලම් බහින්නේ පසුම්බිය තවත්  රුපියලකින් හෝ බර කර ගන්නටය. සැබවින්ම  ඒ ජන පොකුරු වැලි කතරේ කෙම්බිම් අත්දැකීමකි. දෙමසකට වරක් විතර එහි යන මට එය කටුක අත්දැකීමක් නොවූයේ මාගේ එදිනෙදා ජීවිතයද එලෙසම වූ එකක් නිසාවෙනි. අන්දර කටු ඇනුන දෙපා කූරටියා මුල් වලට රිදුම් නොදෙන බව මට ජීවිතයේ මුල් අවදියේදීම පසක් කර දුන්නේ එකිනෙක පරයා ලැබුන සංසාරගත කර්ම විපාකයන්‍ ය. තාත්තා සොයාගෙන යන මා  ( ඇත්තටම තවමත් මට තාත්තාව සොයා ගන්නට බැරිය. ඔහු යන්නේ වෙන පාරකය) ගමන අරඹන්නේ උදෑසනම බත් මුල් දෙකක්ද අරගෙනය. එකක් දවල්ට මට තනියෙන් කන්නටය. අනික තාත්තාත් සමග අම්මාගේ සෙනෙහස රෑට බෙදා ගන්නටය. තල්පොතින් පොලොන්නරුවට සැතපුම්  දොලසකි. උදේම බසය ඇල්ලුවේ නැත්තං ආයෙ හවසය. රෙසිවේසමක් වූ අපේ වත්ත ඒ වන විට මුඩු බිමක්ව පැවතියේ තාත්තාගේ සරු දෑත කොරියන් කාරයන්ගේ කියන්නෑම් කොම්පැනියේ කොන්ක්‍රීට්  අතර සිර ව තිබූ බැවිනි. කෙසෙල් කොලයේ බත් රසය. එය දර ලිපට අල්ලා පදම් කල විට මුලු බත් පතම සුවදය. ඔය ලග වැලි මුසු කරමැටි බිමේ හැදුන පැනිතෝර කොල මැල්ලුම, බන්ට් එකෙන් කඩා
ඇත්තක් විය හැකි ප්‍රබන්ධයක්! ලංකානාථ  කැම්පසයේ රැඩිකල්‍ ය. ශිෂ්‍ය සබාවේ  ක්‍රියාකාරිකයෙකි. ගමෙන් කොලඹ ආ  ඔහු  දැන් තට්ටු දෙකේ මන්දිරයක් හා රෝද හතරක් හිමි ධනපතියෙකි. ඉස්සර  වගේ නෙමේ දැන් රැඩ්කල්  එව්න් පෙන්නන්න බැරිය. JVP නං අජීර්ණ ය. චන්දෙට කලින් කොල පාටව තිබූ ඌගේ මූනු පොතේ දැන් ප්‍රොෆයිල පින්තූරය පොහොට්ටුවකි. ස්විස් ඇම්බසියේ සිද්දියේදී රට ජාතිය වෙනුවෙන් අම්බානක හැගීමෙන් කතා කරන්නෙකි.  පිරිසිදු සිංහල බව්ද්ධයෙකු වන ඔහුගේ ඇගේ ඇත්තේ  වෙල්ලස්සේ  ලේ ය. කිසිදිනක උසාවියකට ගොස් නැති නීතිගරුක පුරවැසියකු වන ඔහුට ලෝයර්ලා අරහංය. මේ දින වල කලු කෝට්කාර උපුල් කුමාරප්පෙරුමයා පෙන්නන්නට බැරිය. ඌ රට පාවා දුන්නේය.   මේ නිවාඩු කාලෙ  අවිරුද්දක් පුරා ටික ටික එකතු කර ගත්ත සල්ලි  වලින්  පොඩි එකාගෙ අහසින්  යන  හීනෙත් සැබෑ  කර ගන්නටත් එක්කම ලංකානාථ  රට සවාරියක් යන්නේය.  මල වදයක් නිසා ෆෝනයත් ගෙදර දමලාම යන්නේය. සාර්ථක  නිවාඩුවක්  ගත කරලා ආපහු ලංකාවට සතුට මුසු උජාරුවකින් එන්නේ හොද ෆොටෝ ටිකකුත් අන්තර්ජාලගත කර නිවාඩුව ගත කල යුතු ආකාරය අන් අයටද උගන්වන්නට සිතාය. තාප්පයට කෙලියා ය.  ආව ගමන් ලංකානාථ  අල්ලන් යන්නේ