ගල් යුගයෙන් මෙහා!
උබලා පිලි ගන්නට කැමති උනත් අකමැති උනත් රටක නීතියක් තියෙනවාය . ඒක නැති උන දවසට, වල් වැදුන දවසට එක එකා මරා ගන්නවාය.
88/89 මම ඒක දැක්කේය. 71 දී මගෙ තාත්තා ඒක දැක්ක බව මට කිව්වේය. 30 අවුරුද්දක් ප්‍රබාකරන් ඒක කල බව අලුතින් මූනු පොතට ආ එව්න් නොදන්නෝය. පාතාලෙ ඉදලා හිටලා කරනවා ඇහෙන්නේය.
රටක නීති හදන්නෙ පාර්ලිමේන්තුවය. නීති කඩන එව්න් අල්ලන්නෙ පොලෝසියය. නීති කැඩුවම දඩුවම් දෙන්නේ උසාවියය.
හැම මල ඉලව් නීතියකටම උඩින් තියෙන්නෙ රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවය. රටේත් නීතියේත් බවුන්ඩේසම ඒකය. ඔක්කොම එව්න් ඒකට යටය. ඒකට උඩින් යන්න නම් ඒක වෙනස් කොරගන්නට ඕනෑය.
සජිත් මහත්තයාට හූ කියනේත්, රටේ නායකයාට මූනු පොතේ උපදෙස් දෙන්නේත් අර කියොපු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ට පින් සිදු වෙන්නටය. කොට්න්ම කරපු කුපාඩ් වැඩ වලට ගුටි නොකා ඉන්නේ මෙ රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා වක් තිබෙන නිසාය. නීතිය තියෙන්නේ ලොකු ලොකු අයට කියාලා ගොන් කතා කියා කොමෙන්ටු දමන්නෝ සියල්ල දත් නීති විශාරදයෝය.
එකෙක් වරදක් කලා කියලා අල්ලා ගන්නේ පොලිසියෙන් ය. ඌ පෙනි පෙනී වරද කලත් පොලිසියට ඌට දඩුවම් කරන්නට බැරිය. මොකද රටේ නීතිය කැඩුව විට පොලිසිය පැමිණිලිකරු වන්නේය.
උබ උබේ යාලුවාට නිල් වෙන්නට නෙලූ විට යාලුවා වින්දිතයාය. පොලෝසිය ඌ වෙනුවෙන් නඩුව උසාවියට උස්සන් යන්නේය. පැමිනිලිකරුටම දඩුවම් දෙන්නට ඉඩ සැලැස්වුවේ නම් මල මගුලක් වන්නේය.
උබයි නංගීයි රන්ඩු කල විට දෙන්නා වෙනුවෙන් අයියා නඩුව තාත්තා ලගට අරන් ගොස් තාත්තා වැරදි කරුට ගුටි අනිනවා මතකැයි මා සිතන්නේය.
නඩුවක් උසාවියට අරන් ගිය විට වැරැද්ද කල එකාගේ කතාව කියන්නට එකෙක් ඕනෑය. ඌ වෙනුවෙන් කතා කරන එකා ලෝයර්ය.
පොඩි උසාවියේදී නම් පැමිනිල්ල පොලෝසිය වන්නේය. ඉහල උසාවියක නම් පොලෝසිය ෆයිලය ආන්ඩුවේ ලෝයර්ට දෙන්නේය. ආන්ඩුවේ ලෝයර් ලොක්කා නීතිපතිතුමා වන්නේය. එතුමාගේ ගෝලයෝ රට පුරා එතුමා ගේ ඩියුට් ය කරන්නේය. එනම් අර ගුටි කාපු, මැරුම් කාපු එව්න්ගේ නෑයෝ වෙනුවෙන්, දූෂණය වූ ගෑනුන් වෙනුවෙන් ඒ ඒ පොලිසි වලින් හැදූ ෆයිල් අරන් උන් වෙනුවෙන් නඩුකාරතුමාට කරුනු කියන්නෝය. ගුට් කාපු, එවුන් සාක්කි කරුවෝය. ෆයිල් එක හදපු පොලෝසියේ මහත්තුරුත් සාක්කි වන්නෝය.
වටේ එව්න් කියපු කරුනු අනුව,
පොලිස් බල්ලා ගිය තැන අනුව,
රස පරීක්ෂක කියපු දේ අනුව,
ගුටි කාපු එකා කියපු දේ අනුව,
ඇගිලි සලකුනු අනුව,
අහු උන එකාගෙ හොර ගල් ඇල්ලීම අනුව, තරහට පෙන්නපු එකා අනුව,
සැකේට කියපු එකා අනුව,
පොලිසියෙන් කන්නට බැරුව වමාරපු දේ අනුව
තව හැටහුටාමාරක් දේ අනුව,
එකෙක් අල්ලා ගන්නේය.
ඌ තමා මේක කරලා තියෙන්නේ හිතන්නෝය. ආපහු නාටක පැමිනිල්ලෙන් රග දක්වන්නට ඕනෑය. පැමිනිල්ලේ සාක්කිකරුවන්ගේ පොතේ ගුරා නීතිපතිතුමාගේ ගෝලයෝය. පොලිසියෙන් අල්ලපු එකාගෙ කතාව කියන්නට ඉන්න එකා ලෝයර්ය. දෙපැත්තේම කතාව අසන්නේය.
පහල උසාවියේ දඩුවම අඩුය. එනිසා ඕනෙ නම් තමන්ටම තනියෙන් කතා කරන්නට පුලුවන් වන්නේය. මරනාධාර සමිතියක කතා කරන්නවත් බැරි එව්න් උසාවියේ තනියෙන් කතා කොලාම ඌට පන පිටින් වැලලෙන්නට වන්නේය.
ඉහල උසාවියේ දඩුවම වැඩිය. එනිසා තනියෙන් කතා කොරන්නට එපා යැයි කියා ඇත්තේ ය. . ලෝයරයෙකු ඕනෑමය. ලෝයර්ලාට ගෙවන්නට කාසි නැති එකෙකුට නොමිලේම ලෝයර් කෙනෙක් උසාවියෙන්ම පත් කොරන්නේය. ඒ සදහා ඒ ලෝයර්ට ගෙවීමක් ආන්ඩුවෙන්ම කොරන්නේය. නඩුවෙන් හිරේ යන්නට උනොත් නඩුකාරතුමා තමන්ගේ කතාව හරියට ඇහුවේ නැතැයි කියාගෙන ඇපීලයක් දමන්නට පුලුවන් වන්නේය. එහිදීද සල්ලි නැති එකෙකුට කලින් වගේම උසාවියෙන් ලෝයර් කෙනෙක් ලැබෙන්නේය. ලෝයර් මොන ජගතා උනත් උසාවි යෙන් අරම පත් කිරීමක් කල විටක බැහැයි කියන්නට බැරි වන්නේය. ලොකු අයියාටද තාත්තා කියන දේ අසන්නට වන්නේය.
නඩුවේ කතාව කියන්නේ සාක්කි අනුවය. ඒ සාක්කි ඉදිරිපත් කොරන්නට ඕනෑ සාක්කි පනත අනුවය. පරීක්ෂණ හා නඩුවේ සියලු කටයුතු කරන්නේ අපරාධ නඩු විධාන පනත අනුවය. අර කලින් කිව්ව ලෝයර් පත් කිරීමේ කතා දෙකම තියෙන්නේ ඒකෙ 195 යි 353 වගන්ති වලය.
ලෝයර් කෙනෙකු පෙනී සිටින්නේ නැතිව අහන ලොකු නඩුවක තීන්දුව ශිශ්ට ලෝකයක් පිලි ගන්නේ නැතිය. නඩුවක් එහෙම අහලා එල්ලුම්ගහ දුන්නත් ඇපීල් කොල විට සුරුස් ගා එක පෑන් පාරින් එල්ලුම්ගහ තින්දුව ඉහල උසාවියේ නඩුකාර හාමුදුරුවෝ කපන්නේය.
ලෝයර්ලාට ඕනෙ නම් අර ගුටි කාපු රේප් උන කට්ටිය වෙනුවෙනුත් පෙනී සිටින්නට ඇහැකිය. එයාලා වින්දිතයෝය. අර කිව්ව පොතේ 260 වගන්තියේ ඒ ගැන තිබේය. ඉහල උසාවි වල නඩු තීන්දු වලද එම අයිතිය පිලිගෙන ඇත්තේය.
ඉහල උසාවියේ නඩු තීන්දු රටක නීතිය බවට ඔටෝම පත් වන්නේය. පහල උසාවි වල නඩුකාරතුමන්ලා ඒවා බලලා ඒවායේ තියෙන විදියට වැඩ කරන්නට කීකරු වීම සාම්ප්‍රදායික නීතිය වන්නේය.
රටේ ලොකුම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 අංකය යටතේත් පොලිසියෙන් අල්ලන් යන එකෙකුට ලෝයර් කෙනෙක්ගෙ සේවය ගන්නට අයිතිය තියෙනවා කියලා ලියලා තියෙන්නේය .
අධ්කරණ සංවිධාන පනත කියලත් එකක් තියෙනවාය. ඒකෙ තියෙන්නෙ ගොඩක්ම උසාවි වල වැඩකටයුතු ගැන විස්තරය. ඒකෙ 41 වගන්තියෙත් තියෙන්නේ ලෝයර් කෙනෙකුට නඩුවේ පොලිසියෙන් අල්ලපු එකාගෙ පැත්තට හරි ගුටිකාපු පැත්තට හරි පෙනී ඉන්න පුලුවන් කියලාය.
ලෝකෙට උගන්නන්න පුලුවන් කියලා හිතන් හිටියට ලෝකෙ කියන එකත් අහං එකමුතුව ගියෙ නැත්තං අපිට හාමතේ මැරෙන්න වෙන්නේය. අපි ලෝකෙ රටවල් එක්ක සම්මුති ගොඩක් අත්සන් කොරලා තියෙනවාය. 1966 සම්මත උන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ගැන ජාත්‍යන්තර සම්මුතිය ඒ වාගේ එකක්‍ ය. අපි ඒකට අත්සන් කලේ 1981 වසරේය. ICCPR කියන්නෙ ඒකටය. ඒකෙ 14 වගන්තියේ අදහස අනුව ඕනෑම අලුගුත්තේරුවෙකුට දඩුවම් කරන්නට පුලුවන් වන්නේ සාධාරණ නඩු විබාගයකින් පස්සේය. සාධාරණ නඩු විබාගයක ප්‍රදාන අංගයක් ලෙස ලෝයර් කෙනක් වැරැද්ද කලා යැයි කියන එකා වෙනුවෙන් පෙනී සිට්ම දක්වලා තියෙනවාය.
මේ මල ඉලව් මුකුත් නැතුව ගල් යුගයට යන්නට තනන්නේය.
අරවින්ද හබක්කල.

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා