ඉස්සර තිබුනේ නිල් පත්තරය. වැඩිහිටියන්ට හොරෙන් ඒවා කියවීම සොයා ගැනීම, සගවා ගැනීම, රස විදීම අතිශය දුශ්කරය. කාමර කිසිවක් නොමැති වූ අපේ ගෙදර නම් ඒ කෙරුවාව සිහිනයක්ය. ලගම නගරයට හැතපුම් හයකි. අප පමනක් දන්නා පත්තර බාර් වල ඒවා සගවා විකිනේ. ලස්සන අක්කලා බාගෙට ඇදගෙන මුල් පිටු සරසන්නේය. අපේ ගම් වල බාල මහලු සියල්ලෝ සයිකල් පැදීමට රුසියෝ වී තිබුනේ ප්‍රවාහන පහසුකම් වලට පින් සිදු වන්නටය. ඉරිදා පොලට හැතැම්ම 7ක් මාගේ මාමන්ඩි මෑතක් වන තුරු පැද්දේ පෙර කී පුරුද්දටය. පත්තරයක් සොයා ගැනීමේ අදහසින් පදින කොල්ලන්ට කිසිදු වෙහෙසක් නොවීය. ගමට ගෙනා පත්තරේ ගම වටේ ගියේය. ගෙවල් වල ගෙන යා නොහැකි නිසා සගවා තැබුනේ වෙල් යායේ පැල් වල හෝ ඉටිරෙදි වල ඔතා කූරටියා ගාල් වල හෝ කමතු වල පිදුරු අස්සේය. අද මෙන් සුනාමි මැශින් නොතිබූ බැවින් අස්වනු නෙලීමට එකල වෙල් යායවල් මැද "සියල්ලෙන් සරුසාර" කමතු විය. වෙල මැද පිහිටි එය වෙලේ හතර මායිම පෙනෙන කදිම කෙම්බිමකි.
ගමේ වලත්ත කොල්ලන් අතහැර කොලොම්තොටට ගියේ උගතුන් හා මුසුව ඉගෙනුමටය. නැවතුනේ කිත්යාගාරයේය. උන් ගමේ මෝඩයින්ගෙන් පෙරා ගත් උගතුන්ය. පුදුමයකි උන් ලගද පෙර කී නිල් පත්තර තිබින. වෙනසකට තිබුනේ සගවා තැබීමේ තැනය. බොහෝ විට මෙට්ට යටය සමහර එව්න් ලස්සනම අක්කලා ලොකරයේ දමා සිර කලෝය. උන් සොයා අල්ලපු කාමර වල එවින් හොස්ටලය පීරුවෝය. කැම්පසයට යන විට කාමර ඉබි යතුරු දමා ගියේ එකී අමිල වස්තුව රැක ගන්නට මිස වෙන ඉලව්වක් රැකීමට නොවේ. ලිංගික කුහකත්වක කියන්නේ එයටය. ඒවා කියවීමට ලොල් වූවෝ අද මහ පුටු වලය. දැන් උන් ගරු නිසා හෙලි නොකරමි. පත්තර ඇලී ඉරී යන තෙක් ඒ කතා හොස්ටලයේ සැරි සැරින. සමහර එව්න් ඉල්ලන්නේ නැතිය. හොරෙන්ම බලා තිබූ තැනම තියන්නෝය. ඒ සුදනෝය.

ලිංගික හැගීම් යනු හෝමෝන, ක්‍රියාවලියක් බවත් එය හා අධ්‍යාපන සහතික අතර සබදතාවයක් නැති බවත් ගමෙන් සරසවියට බඩ ගාද්දීම පෙනින. Summer hut වල එලිපිට නෑවේ ගමේ එව්න් හීනෙන්වත් නොනාපු පරිදිය. කවදාවත් නොනාපු අය එතැන නෑවේය. පොල් පරාල යාර ගනන් කුනු ඇබරුවේය.
යුද්දෙ කාලෙ අනුරපුර අබිසරුලියෝ බහුල විය. මාස 3, 4 කැලයේ සිට දිවි පරදුවට තබා වැඩ කල ගමේ කොල්ලන්ට ට්‍රාන්සිට් සිට්යක් වූ මෙපුරය තායිලන්තයක් විය.
දැන් සියල්ලන්ගේ ස්මාර්ටි ෆෝනය වැඩිපුර තියෙන්නේ කනේ නොව අතේය. පත්තර ඕනෑ නැත. වීදි අබිසරුලියෝ අඩුව ඇත. හැමට තායිලන්තයේ යා නොහැක. සැනසෙන්නට විදියක් නැත. අම්මලා දරුවෝ පස්සේය. "ඔයිල්ද ලෝශන්ද" කියා අසන කෙල්ලෝ පමනි.

ලිංගිකත්වය මිනිසෙකු මැනීමේ මිනුම් දන්ඩ නොවේ. පව්කාරයාට පලමු ගල ගසන්නට මට නම් බැරිය. පුලුවන් එකෙක් හමුවීද නැත.ඒ කාරිය කරන්නට මට හමු නොවූ ඔබට පුලුවන්දැයි ඔබගෙන්ම අසා බලන්න. ලිංගික අහේනිය ලංකාවේ ලිංගික අපරාධවලට කෙලින්ම බලපා නොමැත්තේද? ගේ ඉස්සරහා බාර් එකක් දැම්මත් අපේ විකියා බොන්නේ නැත. බොන එකා පෝයටත් හොයාගෙන බොන්නේය.
කරුවලේ යහන්ගතව දහවලේ ගල් ගසන්නෝ ලිංගික අබ්බගාතයෝ සහ කුහකයෝය.
කරුවලේ යහන්ගතව දහවලේ ගල් ගසන්නෝ ලිංගික අබ්බගාතයෝ සහ කුහකයෝය.
අරවින්ද හබක්කල.
Comments
Post a Comment