මෙය වසර 15 ක පමන මෑත ඉතිහාසයේ අනුරාද ග්‍රාමයේ කතාවකි. එකල විකියානෝ, ආනන්දයානෝ, නිර්මලියානෝ, මාලියානෝ එකල මානවක මානවිකාවන්ය.අද මෙන් සංකීර්ණ නැත. දේශපාලනය ඇත්තේම නැත. දිසා රජානෝ කීර්තියට සිංහයෙකි. මහා රජානෝ කලුය මිටිය. මහා රජානෝගේ පැමිනිලි කුමරා සුදු කොටාය. බියර් බීමට රුසිය. අනුරාද ග්‍රාමයේ නීති කැකුලෝ, මානවකයෝ, රජවරු, යුවරජවරු ට්‍රිපක් යන්නට සෙට් වෙති. යන්නේ කල්පිටියටය. හෝ ගාන පොකුනේ නෑම, ඉස්සෝ පොකිරිස්සෝ බුදීම කෙසේ වෙතත් මදු පැන් නෑම මානවකයන්ගේ යටි අරමුනය. ඕනෑම පරිසර තත්වයට අනුගත විය හැකි විකියානෝට මෙවැනි කිසිදු අරමුනක් නැත. ඌගේ අදහස විකල්ව ගිය එව්න්ගේ කිරියාපිලිවෙලට හිනාවීමය.
ප්‍රදාන සංවිදායකයානෝ සදාදරනීය සජ්ජානෝය.
උදෑසනම පිටත් වන්නට සූදානම්ය. ට්‍රිපේ සල්ලි වෙනම එකතු කෙරේ. නැටුම් තෙල් සම්මාදාම තොප්පියටය. තොප්පියට සල්ලි එකතු කිරීම සුද්දාගේ බසින් හැට් කලෙක්ශන්ය. එහිදී දෙන ගානක් භාර ගත යුතුය. අවමයක් නැත. කතා නායකයා ට්‍රිපේ මුලු සල්ලි ලෙස මුදලක් තොප්පියට දමන්නේය. ආයෙත් ට්‍රිප් එකට සත පහක වියදමක් මගෙන් නොමැති බවට පූර්ව දැනුම් දීමකි. විරුද්දව කිසිවක් කිව නොහැක. සැබවින්ම අපි ඔහුට බයය.
ට්‍රිප යන්නේ වෑනයකය. කවුරු කොහේ ගියත් රෝද 4ක යන විට ආසන වෙන් කෙරෙන්නේ සාමාන්‍යයෙන් ගරුත්වයේ අකාරාදියටය. ඒ අනුව අපේ ගමනේදීද ඉදිරි අසුන් මහා රජානෝ හා දිසා රජානෝට හිමි විය යුතුය. කසු කුසුවකි. කතා නායක ඉදිරිපස අසුනේ ඇලිලාය. අසුන වෙනස් කරමු යැයි කියන්නට ඔක්කොම එව්න් බයය. දිසා රජානෝ කරබාගෙන පිටුපස කෙරවලේම ආසනයට පසු බසින්නේ එහි ආතල් එක දන්නා බැවිනි. මහා රජානෝට පිටුපස අසුන් බැරිය. එසේ වුවහොත් පාර නොපෙනේ. එතුමානෝගේ දුක උස එව්න්ට නොතේරේ. වෙනත් විකල්ප නැත. කතා නායකයා ඉදිරිපස මැද පැන පැන යන ආසනය ( jumping seat) මහා රජානෝට දෙන්නේ අනුකම්පා විරහිතවය.
උසුලු විසුලු, රස කතා සමග කල්පිටියේ තානායමට ලං වේ. කාකි ඇදුම් ඇත්තෝ සීරුවෙනි. මුහුදු කක්කුට්ටෝ පිගන් මත කෙලින් යති. අපේ ඈයෝ දැන් ඇදවෙලාය. පිරී තිබූ නැටුම් තෙල් බෝතල් වල මහිමය. ගොලුවෝද ගීත ගයති. කොරෝ නටති. අසන්නෝ බිහිරි බව පතති.
එතැන් සිට හෝ ගානා පොකුනටය. විකියානෝගේ කාර්යභාරය හාරදූර වී ඇත. සිහියෙන් ඉන්නේ ඌ පමනි. ගැහැනුන් වික්ශිප්තය. ගෙදරදී මෙන් මානවකයෝ දැන් බය නැත. රිටර්න් පසුදා දීමට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින්නෝ කසු කුසු කසු කුසු.
ලලිත් සේනානායකයෝ ඉන්දියාවට පීනන්නට ගොස් ගිලෙනු පෙනේ. ගෑනු දනහිස තෙක් වතුරට වැදී මර ලතොනි දෙති. කතා නායකයා පොඩි දරුවෙකු වී ඇත. වෙරලේදී හැමෝම එකය. හරියට කරුවලේදී වගේය. ලලිතයාගේ මල මිනිය විකියානෝ විසින් පිහිනා ගොස් ගොඩ ගැනේ. මල මිනිය තවත් මදූ ඉල්ලයි. ඌ එදා මලා නම් මරන පරීක්ෂනයේදී ඔප්පු වන්නේ පොවා වතුරට දැමූ ලෙසය. මන්ද වතුර පෙවෙන්නට බඩේ ඉඩ නැතිය.
තොප්පියට සල්ලි දමා ට්‍රිපේ සල්ලි මඩේ ගැසීමේ වාඩුව ගන්නට වෙලාවය. කතානායකයාගේ බාටාවක් ඉන්දියන් සාගරයේ රල අතර නොපෙනී යන්නේය.
ලලිතයාට අමතරව දෙපා සිව්පා වුනු කීප දෙනෙක්ද සහිතව නැවත තානායමටය.
අහෝ ඛේදයකි. බාටාව නැති බව කතානායකට වැටහේ. නැවත නිල දරුවෙකුද සමග කිලෝමීටර 10 ක් 12ක් ගෙවා වැල්ලටය. පොලෝ තලේ වැලි කැට ගානේ පීරේ. අහෝ බාටාව තම්ල්නාඩුවට ගසන්නට කල්ය. ඒ බව කෙසේ කියන්නද. කිව්වොත් විසුමක් නැත. නැවත තානායමට පැම්නෙන විට මේ අඩව්ව වෙනුවෙන් හෝරා එක හමාරක් ගොස් තිබූ බව බවට කතා දෙකක් නැත. හපොයි තානායම වියරුය. පොඩි එව්න්ට පැම්පස් නැත. ගෑනුන් දියරෙදි පිටිනි. මානවකයෝ ලන්නට්ටු වලිනි. නාන කාමරයට වැදුනු දිසා රජුගේ ටවලයත් නැතුව එහි කොටුවී අසරනව ඇත. බාටාව හොයන්නට රතය පැහැරගොස් තිබුනේ බොහෝ දෙනා කලකට පසු නාමින් සිටින විට ( රංජිත් අයියාද එදා නෑවේය) ඔවුනගේ ඇදිවතද රැගෙනය.
එනකොට රෑ බෝ වීය. සුපර්ස්ටාර් බිහි වුනේ එදා එන ගමනේදීය. කිහිප පොලොක පරික්ශා පොලුය. කව්දැයි ඇසේ. කතානායක මහා රජා යැයි කියයි. එකෙකු හා යන්න යැයි කියයි. අඩගසා බනියි. උඩපැන සැලියුට්. සැලියුට් ලැබිය යුත්තෝ නිහඩය. අවසාන මහ මග පොල්ල ගමනාන්තය ආසන්නයේය. හදුනාගැනේ. සැලියුට් ලැබේ.
දැන් ඕනෑම ට්‍රිපක එපාවෙන කෑල්ලය. එක එකා බැස්සීමය. එය තනතුරු අකාරාදිය අනුව නොව රතාචාරියාගේ පහසුව අනුවය. දිසා රජු බසී. ගෙන ගිය අඩුම කුඩුමද තෝරා බේරා බාති කොල්ලෝ. කතානායකගේ සූට්කේසයද හොර රහසේම එහි බා දැමේ. එකිනෙකා බැස යයි. ඉතිරිය තනියෙම කන්නේ විකියානෝය.
ඌගේ ජීපය කතානායක වලව්වේය. දෙදෙනාම එහි බසී. අහෝ සියලු පෙට්ටගම් යතුරු සූට්කේසයේය. අමාරුවෙන් ජීපය පන ගන්වා, ( එය මලාට ඉස්ටාට් නොවේ) සූට්කේසය සොයා විකියා කතා නායක සමග ජීපයේ එලි වෙන තුරු ගෙවල් ගානේය. පාන්දර සූට්කේසය හමු වේ. වෙඩි කන්නට සිදු වේ යැයි මරන බියෙන් අපි කීප දෙනෙක් දින කීපක් සැගවේ. යටගිය දවස "බුලතානෝ" ද එලෙස උදහසට ලක්ව පන බේරාගත්තේ 99න් බවට බාරයේ ජනප්‍රවාදයක් තිබූ බැවින් මානවකයෝ තැති ගත්හ.
පසුදින විසේස කටයුත්තකට පැමිනෙන වෙනත් ඉසව්වක මහා රජෙකු පෙර කී මාර්ග පොල්ලේදී නැවතූ විට "මම මහා රජ යැයි කීවේලු". " බොරු කියන්නට එපා සර් එලි වෙනකොට ඔච්චර උස ගියාද කියා එකෙක් ඇසුවේලු"
එකල මිහිරිය. කතානායක ගැන
ගරුත්වයෙන් යුතුව මිහිර පතා පමනක් සටහන් තැබුවෙමි. එතුමානෝ ගැන රස කතා එමටය. එතුමානෝ නොහිතූ වෙලාවක නික්ම ගියේය. මියෙනතුරුම තරුනයෙකි. හිටියා නම් අද නම්බු නාම සහිතවය. ඔහු අපට ලෙජන්ඩුවකි.
අරවින්ද හබක්කල

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා

දිලීප්ගේ ලේලි.