ඔබ ලංකාවේ පිරිමියෙක් නම් ගෑනු යාලුවෝ කීයක් ඉන්නවාද? ඔබ ලංකාවේ ගැහැනියෙක් නම් පිරිමි යාලුවෝ කීයක් ඉන්නවාද? දරුවන් ගැනත් එසේම සිතා බලන්න.
ඇත්තටම ලංකාවේ පිරිමින්ට ගෑනු යාලුවෝ නැත. ගෑනුන්ට පිරිමි යාලුවෝ නැත. මොන පිස්සුද අපිට ඉන්නවා කියලා දැන් එක එකාලා, එක එකීලා හිතින් මවා ගන්නවා නේද? උන් එකෙක්වත් යාලුවෝ නොවෙති.
එයාලා අදුනන කට්ටියය. සැබෑ යාලුවෙක් නම් තනි ගෑනියෙකුට තනි පිරිමියෙක් එක්ක dinner එකට ගිහින් 🍺 බියර් එකකුත් බීලා එන්නට පුලුවන් විය යුතුය. කෙල්ලෙක් එලෙස කලොත් ඒකි දීගෙක ගිහිනුත් හමාරය. කොල්ලෙක් එලෙස කලොත් ඌ බඩු කාරයෙක් වෙන්නේය. බැදපු එව්න් එලස කලොත් ගෙදර එනකොට ලමා ලපටි ආච්ච්ච්ලා සීයලා ගාවය. සහකරුවාට මැරුන ආච්චී වැහිලාය. ඩිවෝසයෙන් කෙලවර අමා මහ සැනසීමය.
ගැහැනියක් බඩුව, කෑල්ල, පට්ට කෑල්ල, සුපිරි බාන්ඩය වන්නේ කෙලෙසද? අප හරිම ලිංගික කුහක ජාතියකි. ලිංගික අහේනියෙන් ලිංගික හාමතට පත්ව ලිංගික මන්දපෝශනයෙන් පරිපීඩනයට පත්ව ඔලු අවකල් කර ගත්තෝ වෙමු. අයියාගේ තාත්තාගේ ලංකට් උජාරුවට ඉදිරිපස වැලේ එල්ලුවාට නංගිගේ අක්කාගේ එක පිටුපස වැලේය. නැත්තං රෙද්දකින් වසා අව්වේය. මල්වර වූ දින සිට නංගීව අයියාට, තාත්තාට ලං වෙන්නට නොදී වසා තබා නාවන්නේය. අම්මා නංගී වෙනමත් තාත්තා අයියා වෙනමත් නිදන්නේ අපි හරි විනීත නිසාය. අම්මා වයසට ගිය විට සලකන්නට ලේලි ඕනෑ වන්නේ පුතා පිරිමියෙක් නිසාය.
අල්ලපු ගෙදර කාන්තාව දවස් දෙකක් කාරයේ දමා ගෙන ගියොත් ගෙවල් අත අරින්නට සිදු වන්නේය. එසේ දින දෙක තුනක් ගියොත් වටේ එව්න් එසේ නොසිතුවත් අපිටම මොකක්දෝ එකක් සිතෙන්නේය.
අපේ සංස්කෘතික අනුව එවැනි දේ කරන්නට බැරි යැයි කියන්නට දැන් කට උල් වෙනවා නේද? බම්බුව තමා කියා කියන්නට වෙන්නේය. ඔය හැදියාව නිසාම ගෑනියෙකුට බසයක යන්නට බැරිය. පාලු හරියක තනියෙම යන්නට බැරිය. කෙල්ලක තනියෙන් එලියට යවන්නට බැරිය.
ලංකාවේ මිනිසුන් බහුතරයකට විරුද්ධ ලිංගිකයා සමග බෙදා ගැනීමට ඇති එකම හැගීම යහන්ගත වීමය. මෙය කියවන සුචරිතවාදීන් අනේ අපි නම් එහෙම නැත්තේ යැයි දත්මිටි කනු ඇත.
කොට ගවුමක් ඇදි කෙල්ල අවිනීතය. සාරිය විනීතය. සුදු ඇන්දාම හොදටම විනීතය. දිය රෙද්ද විනීතය. බිකිනිය අවිනීතය. රෙදි යාර ගාන හා රෙද්දේ පාට විනීත බවේ මිම්මය.

විදේශිකයින මට නිරතුරු පවසා ඇති දෙය නම් කොටට ඇන්දාම පෙරේත කමට බලන එක බලන එකාගේ ගැටලුවක් මිස අදින එකාගේ ගැටලුවක් නොවන බවය. වසර 6ක් පුරා මා විදි අත්දැකීම නම් බොහෝ විට ඔවුන් කාමර දෙකක නිදා ගන්නේ නම් අම්මා පුතා එකකත් තාත්තා දුව එකකත් නිදන බවය. පිරිමියෙකු තමාගේ විශ්වාසවන්තම සගයා බව ඔවුන් ප්රායෝගිකව උගන්වන්නේ එලෙසය. ලාබය තකා Travel partner කෙනෙක් සමග සංචාරය කරන විදේශිකයෝ මා ඕනෑ තරම් දැක ඇත. උන් ගෙවල් වලට හොරෙන් පනින්නට ඇති බව සිතන්නේද? නැත. මෙහි සිට ගෙදරට අමතන්නේය. යහන් දෙකක් ඉල්ලා එක කාමරයක නිදන්නේය. උන්ට මේවා ගානක් නැහැ බැදපු එව්න්ගේ කැමැත්ත ඇතුවම උන් තහනම් ගහේ ගෙඩි කනවා ඇතැයි හිතෙනවා නේද? ආයෙත් කියන්නට තියෙන්නේ විරුද්ධ ලිංගිකයා සමග බෙදා ගන්නට ඇති අපි දන්නා එකම හැගීම අල්ලං සෙල්ලං කිරීම පමණක්ම බැවින් ලංකාවේ අපට එසේ සිතෙන බවය.
ලිංගිකත්වය සම්බන්ධයෙන් ලාංකීය සමාජය Aids, නිල් ච්ත්රපට හැරුන විට බටහිරින් ඉගෙන ගත යුතු යහපත් දේ බෙහෙවින් ඇත.
( පේජයට ලයිකියක් දාන්න ලෝබ නැත්තං)
අරවින්ද හබක්කල
Comments
Post a Comment