88/89 මුල් වකවානුවේ තාත්තා වැඩ කලේ කොටදෙනියාවේ පොල් වත්තකය. එකල අද මෙන් ජංගම දුරකතන නැත. පනිවිඩ හුවමාරුව සෙමින් නමුත් ප්‍රභලය. ලිපි හෝ ටෙලිග්‍රෑම් පමනි. අවේලාවේ පියුම් මහතාගේ දැකීම මලගෙදර ටෙලිග්‍රෑමයකි. කාකි යුනිපෝමයක් ඇදි ඔහු අද පියුම් මහතාට වඩා හාත්පසින්ම වෙනස් අයෙකි. මාගේ බිරිදගේ පියානෝද එවැනි සදාදරනීය පියුම් තුමෙකි. දැන් පැන්සොන්ය.
මාගේ තාත්තා 1971 දී කොලබින් ඇලහැරට පල්ලම් බසින්නේ අම්මාද රැගෙනය. ඊට අමතරව ඔහු සතු වූ එකම වස්තුව ඔහු සතු වූ පොත් සම්භාරයයි. මෙලොව සෑම දරුවෙකුටම තාත්තා ගැන කතාවක් ඇත. මටත් ඇත. සියල්ල ඔබට වැදගත් නැත. අසන්නට රිසි යැයි සිතෙන කොටස පමනක් ලියමි.
රුසියන් සාහිත්ය, ශුද්ධ වූ බයිබලය, ශේක්ශ්පියර්, ලෙනින්, ඉංග්‍රීසි භාශාව දෙමල බස තාත්තා අසල නිතර දැවටින. ඔහු ඇවිදින පුස්තකාලයකි. Phd උපාදිදාරී alex perera අයියා මෙය සපත කරනු ඇතැයි සිතමි.
1977 ඇලහැරින් පොලොන්නරුවට තාත්තා එන්නේ තම එකම භව්තික වස්තුව වූ පෙර කී පොත් පෙට්ට්යද රැගෙනය. පොල් අතු සෙවිලි අපේ කටුමැටි නිවසේ සම්පූර්ණ දිග පලල දල වශයෙන් අඩි 20×20 පමන වන්නට ඇත. අම්මාත් මමත් තාත්තාත් නංගීත් ගොම මැටි පොලවේ පං පැදුරේ සතුටින් ගුලි වී නිදාගත්තෙමු. බිත්ති වල මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ, කාල්මාක්ස්ගේ, ලෙනින්ගේ, චේ ගේ පින්තූර විය. දැනට ලන්ඩනයේ වෙසෙන ලංකා ජයසූරිය අපේ ගමේ එකෙකි. මේවා සැබෑ බව ඌ දනී.
71න් පසු තාත්තා කිසිදු සමිතියකට නොබැදේ. සන්නද්ධ අරගල ලංකාවේ සිහිනයක් බව 88/89 අපේ ගමේ ඔහුගේ හිතවත් තරුනයන්ට මුහුනටම කීවේය. ඔවුහු තාත්තාට ආරාදනා කලද තාත්තා අවසානය පූර්වයෙන් දුටුවේය. ඔහු දේපල රැස් නොකලේය. කිසිදු දේශපාලන පක්ශයකට චන්දය නොදේ. නොදිව්වේය. තමා දිනුම් කනුව පාමුල සිටින විට සියල්ලෝ තමාව පසුකර දිනුම්කනුව නොදැක දුවන බව ඔහු හැමදාම කීවේය.
දිනක් තාත්තා එවූ ලිපියක ඔහු සතු එකම වස්තුව වූ පොත් බොහොමයක නම් සදහන් කොට ලැයිස්තුවක් එවා තිබින. හරි හමං පාරක් නොතිබූ වෙල්යායේ කෙරවලක පිහිටි අපේ ගෙදරට පියුම් නොපැම්නේ. හංදියේ ගෙදරකට අපේ ලියුම් දී යන්නේය. මට සරසවි වරම් ලද ලිපිය ලැබුනේද ඒ අයුරිනි.
එය හරිම සංවේදී ලිපියකි. ඔහු ඒ පොත් කන්දරාව එක්කාසු කර තිබුනේ මහත් භක්තියෙනි. පෙර සදහන් කල කටුමැටි බිත්තිවල එල්ලී සිටි හා නොසිටි මාක්ස්වාදීන් බොහොමයක් එකී පොත් වල කතුවරු වූහ.
1971දී ඔහු මේ පොත් කොටසක් ට්‍රන්ක පෙට්ටියක දමාගෙන තාත්තා ඔහුගේ අක්කාත් සමග දබුල්ලේ සිට කොලබ යන්නේය. අලව්වේදී බස් රතය දැඩි පරික්ෂාවට ලක් කෙරේ. බත් පාර්සලයට පවා ඇන බලයි. සැක කටයුත්තෝ බස් රත වලින් බස්සවා ගැනේ. අලව්වේ පාලම උඩ නංවා එවේලේම උන්ට නීතිය ක්‍රියාත්මක කෙරේ. තාත්තා ලගට පැමින ට්‍රන්ක පෙට්ටියේ මොනවාදැයි විමසා බැලේ. අක්කා ඉදිරිපත්ව මල්ලීගේ ඇදුම් යැයි පවසන්නීය. වාසනාව උරගා බැලේ. පිටුපස එකෙක්ව බස්සවා ගැනේ. තාත්තා ඉතිරි වේ. ජීවිතය ඉදිරියට යැවේ.

එසේ ඉතිරි කර ගත් හා පසුව රැස් කර ගත් පොත් රැසක් වලලා දමන්නට ඉල්ලීමක් ඒ ලිපියේ සටහන්ව තිබ්න. පුතේ මා වැනි මිනිසෙකු මෙවන් පොත් ලග තබා ගැනීම අප සියලු දෙනාගේ ජිවිත අවදානමට හෙලන්නක් විය හැක.
අම්මාත් මමත් නංගීටද හොරෙන් හැඩූ කදුලෙන් මින්නේරි ඔය නිම්නයේ එය මිහිදන් කලෙමු. ප්‍රානයක් වලලනවා මෙන් මට දැනින.
භීශනය හා මර්දනය බියකරුය. මරන බය සියල්ල පරදයි. ඉතිහාසයේ දෙවරක් නොමේරූ කලලයක් ඉපැද්දවීමට තැත් දැරීමේ පාපයට නැවත දරුවෙකු නොලැබෙන ලෙසට සමාජය වද භාවයට පත් වී තිබේ යැයි සිතේ.

දැන් තාත්තාගේ ඉතිරි වූ එකම වස්තුව වූ පොත් ටිකද මා ලග තබා අම්මාත් සමග නංගී ලගය. ගලේවෙල දේවහූව ගමේ තාත්තා පොහොසතෙකි. ඔහුට අදත් ඇත්තේ ඇදුම් දෙකකි. දිනපතා පාපැදියේ ගොස් දරුවනට අකුරු කියා දේ.එදා මෙන්ම සතුටිනි. ඔහුට දැන් 69කි. මම තාත්තා බලන්නට යමි. ඔහු දිනුම් කනුව අසල සතුටින් හිනැහේ. මට ඔහුව පෙනේ. නමුත් ඔහු හෝ දිනුම්කනුව මට මුන නොගැසේ. මම හඩමි. (චායාරූපය තාත්තාගේ පොත් වලින් මා සතු කොටසකි.)
Comments
Post a Comment