අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ලොකුබංඩාය. උප ප්‍රින්සිපල් රම්බංඩාය. ප්‍රින්සිපල්ට අපි කිව්වේ ලොකු සර් කියලාය. රම්බ්ංඩා සර්ගේ ගෙවල් හතේ කනුවේය. ඇන්දේ නැශනල්ය. හැතැම්ම දෙකක් විතර උදේට කඩිසර ගමනින් වෙල් යාය මැදින් ඇති බොරලු පාරේ අපි සමග පයින් එන්නේය. මම වෙල් යායෙන් පාරට ගොඩ වී උදේ සර් එනකන් බලන් ඉන්නේ යන ගමන් රස කතා අසන්නටය. හවසටත් එසේමය. ගෙවල් ලගින් එක එකා හැරී ගිය පසු රංබංඩා සර් ඉතිරිය තනියෙම යන්නේය. හැබැයි ඉතින් අපේ ගමන හති දමමිනි. සර්ගේ ගමනත් එක්ක අපිට දුවන්නට සිදු වන්නේය.
ඉස්කෝලෙට මා භාරදෙනකොට ප්‍රදාන සිසු නායක ඇලෙක්ස් අයියාය. ඔහු දැන් Phd කරුවෙකි.
ලොකු සර් වූ ලොකු බංඩා ඉස්කෝලේ එන්නේ පා පැදියෙනි. එනම් පුශ් බයිසිකලෙනි. නැත්තං පුට් සයිකලෙනි. අනේ මන්දා පුටාර් එකෙනි. අන්න හරි වචනේ පුටාර් එකෙනි. සර් එන්නේ ගල් අමුනේ සිටය. හැතැම්ම 4ක් 5ක් ඇතිය. උදේට ඉස්කෝලෙට පයින් ගාටන හෝ පුටාර් එකේ එන එව්න්ගේ මහමග හැසිරීමද කැමරාවට වැටේ. මග හැසිරීම අව්ල් නම් එනකං රැක සිට ඉස්කෝලේදී නෙලන්නේය. සියලු පුටාර් තාක්ශන පංතියේ පිටුපස ගාල් කෙරේ. එනමුත් ලොකු සර්ගේ එක කාර්යාලයේ ජනේලෙන් පේන මානයේය. කොයි තක්සලාවෙත් කොල්ලන්ගෙන් බේරෙන්නට ලොක්කාට නොහැක. ඔහුට පිනා යැයි නම් පට නොබදින්නේ කව්රුද? පිනාට ආදරේ කොල්ලෝ පුටාර් එකේ හුලං වැඩි නිසා නිතරම හුලං අඩු කර දෙන්නට නලියමින් සිටි බැවින් එසේ කරන්නට වින.
ඔහු නිවාඩු ගත්තේම නැති තරම්ය. ටික කලකින් ඔහු පුටාරයෙන් මොටෝසයිකලයට මාරු වුනත් නවතන ස්තානය මාරු නොකලේ කොල්ලන් මාරු නොවූ බැවිනි. ඔහුගේ දරුවන් තිදෙනාද අකමැත්තෙන් උගත්තේ මෙහිමය. උන්ට මෙහිදී තාත්තා මුන නොගැසේ. සර් කියා උන්ට අමතන්නට අමතක වූ විට ගුටි කන හැටි අපට අපූරුය.
ලොකුබණ්ඩා ඇදුරුතුමා ජීවකයෙකි. පලාතේ සුප්‍රසිද්ධ සර්ප වෙදෙකි. එකල සර්ප වෙදකමට බටහිර බෙහෙත් නොමැතිය. කෑවොත් මරුවා ශුවර්ය. ගම් හතකට මෙතුමා වෙදැදුරුය. මාගේ මතකයේ හැටියට බේරා ගන්නට නොහැකි වූයේ එක් පව්කාරයෙක් පමනි. සිංහල වෙද්දු කිසිදා මුදල් අය නොකරති. මන්ද මරනයෙන් ගලවා ගත් විට මිලක් නියම කල නොහැකි නිසාවෙනි. බුලත් අතක් හා පසග පිහිටුවා වැදීමක් පමනි. දිනක් නාදුනන ලෙඩෙක් පිරිසක් සමග පැමින සුව වී කලගුන සැලකීමක් ලෙස ඉස්තෝප්පුවේ පුටුත් රැගෙන ගොස් තිබූ බව ඔහු කීවා මතකය.
කැලෑ බෙහෙත්, මන්තර, කෙම් මිස්‍ර වූ බටහිර වෙදකම නිසා අබාවයට ගිය කදිම සම්පතකි එය. වෙදැදුරන්ගේ ගෙදර බෙහෙත් පැලෑටිය. කරුවලේ සුවදින් බෙහෙත් හදුනාගන්නට ඔවුන් සමත්ය. ඇතැම් විට ලෙඩාගේ පනිවිඩය කියාගෙන ආව එකාගේ කම්මුලට ගසන්නේය. පිරිමියෙකුට නම් තරුනයෙකුගේද, ගෑනියෙකුට නම් තරුනියකගේද මුත්‍රා බොන්න දුන් අවස්තා තිබින. දිනක් ට්‍රැක්ටරක පටවාගෙන ආ ලෙඩෙක් වෙනුවෙන් පංතියට පැමින සර් චූ ටිකක් ඉල්ලා සිටියේ අපිව පංතියෙන් එලියට දමාය. කෙල්ලන්ගේ සිරික්කිය වැඩි විය. සර් උන්ට ජංගියේ චූ යන්නට කිව්වේය. චූ බාල්දි පිටින් දීමට කෙල්ලන් පෝලිම් විය. අරුම වෙදකමක් වූ සර්ප වෙදකමේ ආව එකා දිහා බලා ලෙඩාගේ තත්වය කියන්නේය. ගෙදර ඉන්නා ලෙඩා අවසන් සුසුම් හෙලන බව මෙහෙ සිට කියන්නේය.
ලොකු සර් ඉකෝලෙන් කලින් ගියේ ලෙඩෙක් වෙනුවෙන් පමනි. ඉඩ ලද හැම විටම වේවැල අරන් රවුමක් යන්නේය. පංතියෙන් එලියට යන්නට කාඩ් එකක් තිබේ. එය නැතුව අසු උන එකා දවසේ ආහාරය වේ. 8 පංතියෙන් ඉහලට සිංහලද ඔහුගේය. උසස් පෙල එව්න්ට හවස නවතාගෙන ඉගැන්වේ. පැන යාම සොරිය.
ඔහුගේ කාලය එහි ස්වර්නමය අවදියයි. හැම වසරකම එකෙක් දෙන්නෙක්ට වැටෙන් පනින්නට වරම් ලැබින. දැනට දශක 3කට පෙර ගමක් මැද තක්සලාවක් කොල්ලෝ කුරුට්ටෝ 500කින් පමන පුරවනු ලෙහෙසි කටයුත්තක් නොවේ.
සිරුරින් කුඩා ඔහු දැවැන්තයෙකි. කලකින් මට ඔහු මුන නොගැසුනේය.
අරවින්ද හබක්කල.

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා

දිලීප්ගේ ලේලි.