Posts

Showing posts from June, 2022

ඇත්තම කියන්නද?

 ඇත්තම කියන්නද? දැන් අර්බුදය බෙල්ලටම එරිල තියෙන්නෙ. පාලකයින් කල් මරනවා. අපි හැමෝම ප්‍රමාණවත් විරෝධයක් පාලකයින්ට දක්වන්නෙ නෑ. මධ්‍යම පන්තිය ඉතා වේගෙන් අර්බුදය තුල ජීවත් වීමේ ක්‍රමවේදයට හැඩ ගැහෙමින් ඉන්නවා.  ගෙවතු වගා කරනවා, බයිසිකල් පදිනවා, බස්  එකේ යනවා, කරුවලේ ඉන්නවා හැමනෙනවා. මේ ගානට උද්ධමනය තිබ්බොත් පාන් ගෙඩිය ලබන දෙසැම්බරේ  රුපියල්  එක්දාස් දෙසීයට යනව කියල නිවුස් එකක් දැක්කා මම. එහෙම උනොත් මධ්‍යම පන්තිය එක වේලට හෝ දෙවේලට හැඩ ගැසේවි.  V8, බෙන්ස්. අවුඩි, හමර්, මොන්ටෙරෝ  තෙල් පෝලිම් වල තියෙන්නෙ ඉතාමත් කලාතුරකින්. ත්‍රී  වීල් භවතුන් පෝලිම් වල ඉන්නෙ එයාලටත් එක්ක. එලියෙ පැට්‍රල් එක්දාස් පන්සීයයි. සල්ලි යහමින් තියෙන එකා  වේ වෙලාවෙ  කලු කඩෙන් ගෑස් එකත් ගන්නවා.තෙල් පෝලිමේ ප්ලේස්  එකක් පන්දාහයි, දෙදාහයි.  හැකි හෑම එකාම මොනවා හරි ලයින් එකක් ගහලා fuel පර්මිට්  එකක් හදා ගන්න මේ දවස් වල ට්‍රයි එක. බූලි තියෙන හැම එකාම පුලුවන් මට්ටමින් ගෙවල් වල බූලි වල තෙල් පුරවන්.  පුලුවන් නම් ජුන්ඩට රබර්පටියක්  දාල පෙට්‍රල් බීලා ගෙදර ගිහින් සින්ක් එකට පුරව ගන්නවා අපි. ඉස්කෝල දවස් තුනයි. රජයේ කාර්‍යාල සතියට දවස්

ලිංගික හිංසනය

 ලිංගික හිංසනය. ******************* හිරුනිකාගේ දේශපාලනයට මම කැමති නැත. කොටින්ම මම හිරුනිකාට හෝ මේ රටේ කිසිදු දේශපාලකයෙකුට කැමති නැත.  මෙය ලියන මා පිරිමියෙක්‍ ය. හිරුනිකා ගැහැනියෙක් ය. ඊට අමතරව තර්ඩ් ජෙන්ඩර් එකකුත් මේ ලෝකේ ඉන්නෝය. උන්ට නම් අපේ රටේ ගහන්නේ ගල් ය. එහෙත් පිටරටවල නම් සමරිසි විවාහයන්ද නීත්‍යානුකූලය. අපේ එක ගෙයි කෑමට හා චාරිත්‍ර විවාහට කෙලවා කසාද සහතිකේ අතට හුරු කල සුද්දා දැන් ලිවින් ටුගෙදර් ය.  අපි රටක් ලෙස ලිංගික සාක්ශරතාවයෙන් ඉන්නේ බොහෝම පහලය. කොටින්ම කියනවා නම් ලමයි ඉන්න එක හෝ නැති එකද අපේ රටේ චන්දය දෙන්නට හේතුවක් වුනේය. ලමයි ඉන්න එකාට චන්දය දී හොදටම කරවා ගත්තේය. ඌ ලමයින්ගේ පමණක් නොව මහ උන්ගේද අංගජාතය හා භගමනිය තලා දමා වියරුව සිනාසුනේය. නාකි මයිනා, කපුටා සර් සමග එකතු වී අම්මටසිරි කලේය. දැන් රටම ආසා ඊලග ආත්මේ ඌගේ තාත්තා වෙන්නය. හිරුනිකා අගමැති නිවස ඉදිරිපිට අද උද්ගෝශනයක් කලේය. ඒක හරි කියන්නට, වැරදියි කියන්නට හා ඒ ගැන අදහසක් නොකියා ඉන්නට මේ රටේ මිනිසුන්ට අයිතියක් ඇත්තේය. එහෙත් අපිට පෙනෙන්නේ හිරුනිකාගේ පියයුරු පමණක් නම්, පෝස්ට් හැදෙන්නේ ඒ ගැන නම් අපි පට්ටම අලුගුත්තේරු අසහනකාර

දිලීප්ගේ ලේලි.

 දිලීප්ගේ ලේලි. **************** මල පැන්නාම කුණුහරප කීප පිරිමින්ට විතරක් අයිති දෙයක්ද? මිනිසුන්ට ඇවැසි  තමන්ට යමෙකු   ගහන්න බෙල්ලෙන් ඇද්දාම ඉතිපිසෝ ගාථාව කියන ගෑනියෙක්ද?  අඩෝ බලා ගමු කෑලි කපනවා කියන ගෑනියෙක්ද?  සාමාන්‍යයෙන් වැඩිපුර වලි දා ගන්නේ පිරිමින් ය. ඉදහිට ගැහැනුන්‍ ය. පිරිමින් වලි දා ගත්තම ඒ මැද්දට පනින අපේ ගෑනුන් කරන්නේ අපේ එකාවම අල්ලා ගන්නා එකය. එවිට වෙන්නේ පිට එකා අපිට අම්බානක නෙලන එකය. මගේ ගෑනී දිලීප වෙදආරච්චිගේ ලේලිය වගේ වෙනවාට මා නම් කැමතිය. හැම මොහොතේම  හුරතල් වන ගෑනුන්ගෙන් වැඩක් නම් නැතිය. වීඩියෝ එක එලියට එන්නේ පොලිසිය පැත්තෙන් කරපු රෙකෝඩින් එකෙන් ය. පොලිසියට බැන්න එක වැරදි උනත් කතාවට සාධාරනයක් වීම සදහා වීඩියෝව සම්පූර්ණයෙන් තිබුනා නම් හොදය. අපේ රටේ පොලෝසිය වාහනයක් නැවැත්තුවාම එහි ඩ්‍රැයිවරයාට දාන ලෙඩ ගොඩ ඔය ලොකු මහත්තුරු කවුරුවත් නොදන්නේ රස්සාව වින්ස්ක්‍රීන් එකේ ගහගෙන යන නිසාය. නැවැත්තුවාම රස්සාව අසා යන්න සර් කියන නිසාය.  එසේ හැමදාම යන්න පුරුදු වුන එවුන්ට මොනවා හරි කීවාම මල පනින එක මේ රටේ හැටිය.  කුණුහරප නොදන්නා ගැනියෙක් හා ට්‍රැෆික් වරදවල් වලට පොලිසිය සමග ඇර නොගත් පිරිම