අපි සරසවි කාලයේදී මෙකල මෙන් smart phone, internet නොතිබින. ගඩොල් බාග phone එකක් හෝ තිබුනේ "හුට්ටා" ට පමනි.
මා බැරි බැරි ගාතේ බෝඩිමක නවාතැන් ගෙන සිටින බව දැනගත් Harendra dammayanoo කිත්යාගාරයට මාව ගෙන ගොස් මේකේ හිටපන් යැයි ඇදක් පෙන්නුවේය. සරසවියෙන් ඉවත් වෙනතුරු එහි සිටීමේ පින ඔහුට අනුමෝදන් කරමි. මගේ ඇදට උඩ ඇදේ හිටියේ තට්ටයෙකි. (එකල මා හට කොන්ඩය තිබින ). අනෙක් ඇදේ එදත් සූරයා අදත් සූරයා සූරිය . තට්ටයා leco එකේ මීටර් කියවූයේය. මාවද රැකබලා ගත්තේ ඔහුය. ඔහු මලාට දේශනයකට සහබාගි නොවීය. නිතර හදට ගියේය. දෙවන වසර වන විට හදට යෑමෙන් හා දේශන වර්ජනයෙන් අපිද ඔහුගේ අනුගාමිකයින් වීමු. ඔහු දැන් ඇමරිකාවේය.
"බිල්ලා අයියා" විසින් මා hostel එකට අරන් ගිය ලෙසම මමත් එකෙක් අරන් ගියේය. හේ දම්මික බංඩාරය.
දයාසිරි අයියා, ජයසිරි අයියා, මොහොට්ටාලයානෝ, රවී අයියා, මුදුනා, මදුරයානෝ, උඩ තට්ටුවේය. Sub worden දැන් ආන්ඩුකාරතුමෙකි. අල්ලපු කාමරේ බඩී, ඇන්ඩා ඇතුලු කන්ඩායමය. අරම්පතා, උර්බා ජූනියර්ලාය. උන් දැන් ආමි එකේය. යුද්දෙ ඉවර වුනේ උන් ආමි එකට බැදුනාමය. උන් වැනි එවුන් සමග යුද්ද කිරීමට ලැජ්ජා වී ප්‍රභා දිවි නසා ගත්තේය.
අපි දෙන්නාගේ ගමේ විත්ති කොලබට නොකියන්නත් කොලබ විත්ති ගමට නොකියන්නත් පොරොන්දුව සිටි දැන් ලංකාවේ නැති ලංකාද දෙවෙනි තට්ටුවේය. පරනේ අයියා ඩෙනිමක් ඇද සෙරෙප්පු දා රැවුලද වවා ලෝ ෆැකල්ටියේ කවිය ඔබ යැයි කියමින් හොස්ටලයට පැමිනේ. ඔහු මහා ශිශය සභාවේ සබාපතිතුමානෝය. දැන් ඇමතියානෝ කෙනෙකි.
කුමාර ලියනේගේ නිතර නිතර එන්නේය. මරදානේ පොලෝසියේ සිටි දැන් පොලෝසියේ ලොකු මහතෙක් වන ප්‍රියාද එන්නේය. මහා ගත්කරු පියලයානෝ අපි නිදාගත් විට ඇහැරී පොත් බලයි, අපි ඇහරුන විට නිදා ගනී. ටෙලිකොම් එකේ වැඩ කල සදා නොවෙනස් නිහාල් කන්නත් මොනවා හරි අරන් පැමිනේ. පරන දේ කතා කරමින් අදටත් අපි දෙන්නා අනුරපුරේ සල්ගාදුවෙන් ප්ලෙන්ටී බොති. ජගත් වික්රමයානෝ පැමින අපේ කතා අසා ඉල ඇදෙනතුරු සිනාසේ.
දැන් ඕස්ට්‍රේලියාවෙ ඉන්නා කුමාරයා සමග මාපා hostel එකට එන්නේ ඔය අතරවාරයේය. ඔහු පුද්ගලික සමාගමක වැඩ කලේය. කෘමිනාශක ගොවියන් අතර ප්‍රචලිත කිරීම ඔහුට පැවරී තිබින. ඒ සදහා ඔහුට වෑන් රතයක්, මෙන්ම විඩියෝ පෙන්වීම සදහා වීඩියෝ යන්ත්‍රයක් ලබා දී තිබින. ඇත්තටම එය වීඩියෝ දමා 10×10 screen එකක බැලිය හැකි කදිම පෙට්ටියකි. එයට කොල්ලෝ කිව්වේ මාපාගේ.... පෙට්ටිය කියලාය.
මාපා ආ විට ඌට මාර සැලකිය. වාහනය හෝදති. අසාදාරනයට එරෙහිව සටන් කරන සිසු නියෝජිතයෝ ඔහුගේ සපත්තු පොලිශ් කර දෙති. මොකා ආවත් ඇදෙන් බහින්නේ නැති සිසිරයා ඔහුගේ රෙදි මැද දෙන්නේ ස්වෙච්චාවෙනි.
හවස් වන විට රුපියල් 5 ගානේ එකතු කෙරේ. මා අතේ රු. 5 ක් වත් නැත. එය අනික් එව්නුත් දනිති. එබැවින් චමරිය කරන අයියාගේ සයිකලයේ මරදානට ගොස්, අයිඩින්ටියද තබා හොද cartoon😋😋😋 චිත්තරපටි තෝරා ගෙන ඒමේ බිල්ල හා වගකීම මා හා තව එකෙකුට පැවරෙන්නේ මුදල් නොදීමේ හිලව්වටය. කෙසේ වුවත් එය භාරදූර වගකීමකි. ච්ත්තරපටි බලාපොරොත්තු වූ තරම් ක්‍රීඩාශීලී නොවූ විට ඒවා තෝරපු එකා ඉවරය.
ච්ත්තරපටි වේලාව සාමාන්‍යයෙන් රෑ 11න් විතර පසුය. මාපාගේ පෙට්ටියේ පින්තූර දැන් හොස්ටල් එකේ තාප්පේය. scince faculty එකේ ජෝ, විකුම් ඇතුලු කට්ටිය උඩ තට්ටුවේ බැල්කනි ලීලාවෙනි. අරම්පතා, උර්බා ඇතුලුව අපේ පොඩි කාමරේ 30 ක් විතර අතුරු සිදුරු නැත. එවැනි දිනට තෙලවල හොස්ටල් එකෙන්ද පැමිනේ.
ෆිල්ම් නැගලාම යන්නේය. බලාපොරොත්තු වූ තරම් kick එකක් නැති වූ විට තාප්පයට සෙරෙප්පු, වතුර වලට අමතරව ච්ත්තරපටි තෝරපු එකාව මරාගෙන කෑමට යෑම මැඩලන්නේ remote එක අතැතිව සිටින සිසිරයානෝය. මදුරයානෝ අහන්නේ ඒවායේ මියුසික්ය.
මාපා හොස්ටල් එකේ තියෙන හොදම මදුරු දැලක් තුල සුව සේ නිදිය.
මාපා කොලබ පැමින හොස්ටල් එකට එන්නේ මහත් සතුටිනි. ඌට රජ සැපය. ඌ ආ දාට අපිටත් රජ සැපය.
අහිංසක මාපා අපිව හොයාගෙන ඇතැම් දිනවල campus එකටද පැමිනේ. කෙල්ලෝ ඌ දිහා බලා හිකි හිකි ගාති. කෙල්ලන් සමග පෙමින් වෙලී සිටි සැබෑ පෙම්වතුන් මාපාවත් අපිවත්, මාපාගේ රත්තරං පෙට්ටියත් පාවා දී තිබින.
මාපා විවාහ වුනේ අනුරාධපුරයෙන් බැවින් ඉතා කලාතුරකින් මට ඔහුව මුනගැසේ. මචං දැන් අර පෙට්ටිය නැද්දැයි ඔහු ලග එය දැන් නැති බව දැන දැනත් ඒ හැම වෙලාවෙම මා අසන්නේ අතීතය මතක් කොට සිනාසීමටය.

අරවින්ද හබක්කල.
Comments
Post a Comment