88/89 මතකයන්.
පසුගිය දාක දෝනිගේ ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා උත්සවේට ගියාම දැනුනා දැන් හැම දේම කොතෙක් වෙනස් වෙලාද කියලා.
ඉස්සර අපේ ගමේ ( පොලොන්නරුව හිගුරක්දමන මහා විදුහල) නිවසාන්තර කවදාවත් අමතක වෙන්නෙ නැහැ හේතු දෙකක් නිසා.
ඉන් පලවැන්න තමයි එහි තිබූ සොදුරු අත්දැකීම්. දිවීමේ මං තීරු ලකුනු කලේ කලු තෙල් ( used engine oil) වලින්. අපේ ගමේ හතර මායිමක service station එකක් තියා කාර් එකක්වත් තිබුනෙ නැහැ. ඉතින් ගෙවල් ගානෙ ගිහින් අත් ට්‍රැක්ටර් තියෙන ගෙවල් වලින් මේවා එකතු කරන්න සිදු වුනා. ගොඩක් අගය කරලා ගෙදරකින් දුන්නෙ බොහොම ටිකයි ඉතින්. දුර පනින්න වලට දහයියා ගමේ වී මෝලෙන්. නිවාස හදන්න ලී දඩු කැපුවෙ ගෙවල් වල වතු වලින් අවසර නැතුවම බොහෝ වෙලාවට. උන දඩු පන්සල් වත්තෙ ඔය පහලින් කපල මින්නේරි ඔය දිගේ ඇදගෙන ආවෙ. නිවාස හැදුවෙ මහ රෑ. ඒක ඇත්තටම වඩු වැඩ දන්න තාත්තලාගේ තරගයක් වගේ. හංසයා, මොනරා, තරු... ද.නි.ස. 1995 සංශොදනය තිබුනේ නැති නිසා ඉස්කෝලෙ අයියලාත් හරි නිදහසින්.
තරග දවස හරිම මනරම්. ගමේ කටිටිය ගොඩක් පාරෙ ඉදන් තමයි බලන්නෙ පිට්ටනිය තුන් පැත්තකින්ම පාර තිබුන නිසා.
6 වෙනි දාවනපතය හම්බුන එකා අනාතයි, ඒක වලක් මැද්දෙන් තිබුනෙ.

දෙවෙනි මතකය බිහිසුණු යි.
බර්ටි මගේ පංතියෙ. එතකොට සාමාන්‍ය පෙල ඉවර වෙලා මිනිහා රට හදන ටීම් එකට එකතු වෙලා හිටියෙ. යාලුවාව හොයනවා කියලා කසු කුසුවක් තිබුනා. නිවාසාන්තර උත්සවේ නැගලාම යනවා. " ලවුස්පීකරේ" ගස් බැදලා දෙනවා ගමටම. ඒ හඩත් පරදා මහා විලාපයක්. " ලොකු සර් ( principle) මාව බේර ගන්නෝ". අපේ ලොකු සර් ලොකුබණ්ඩා සර් හොදටම අසරනයි. අපේ පංතියේ මිතුරාව ආයුද අතැතිව පිරිසක් පිට්ටනිය හරහා ඇදගෙන යනවා. කෙල්ලො අඩනවා. කොල්ලො දුවනවා. අරුන් කුනුහරප කියනවා. ටීචර්ස්ලා අහක බලා ගන්නවා. මර ලතෝනි මැදම අපේ හාදයාව සුදු වෑන් එකක් නොවන ලොරියක පාසැල් සුදු ඇදුම පිටින්ම අරන් නොපෙනී ගියෝය.ටික වෙලාවකින් මුකුත් වුනේ නැහැ වගේ උත්සවේ කෙරුනත් මහා මූසලකමක් තිබුනා. පාරවල් වල හිටිය ගොඩක් අය ගියා.

වාසනාවට ඒ වෙනකොට අල්ලලා මරන කාලෙ ඉවරයි. දවස් දෙකකකට පස්සෙ ආරංචි වුනා යාලුවා B.O.P. 313 වී ගබඩාවෙ තියාගෙන ඉන්නවා කියලා. කට්ටිය සැනසුම් සුසුම් හෙලුවා. පස්සෙ කාලෙක මගේ මිතුරා එලියට ආවා. කොහොම ආවාද මතක නැහැ. අදත් හිගුරක්දමනේ සතුටින් ජීවත් වෙනවා. දැන් දේශපාලනය කරනවාද දන්නෙ නැහැ කාලෙකින් නොහම්බුන නිසා.
අරවින්ද හබක්කල.
Comments
Post a Comment