ඉන්දියාවේ දොස්තර නෝනා කෙනෙක්ව දූශනය කරල මැරුවයි කියන කොල්ලො හතර දෙනා පොලිසියෙන් වෙඩි තියලා මරලා. නියම වැඩේ අංගජාතය කපලා කටේ ඔබන්න තිබ්බේ.
අපේ රටේත් ඔහොම මම තමා කරන්න ඕනේ. 88/89 දීත් ඕකම තමා කලේ. එල්ටීටීඊ එකත් කොලේ ඔහොමම තමා.
පාරේ සුදු ඉර නොකපා එසේ කැපුවා යැයි තර්කයට හසුව අවසන අවනතව දඩ කොලය රැගෙන එන අපි ඉන්දියන් පොලිසිය හරි යැයි තප්පුලමු. සමාජයක ශිෂ්ටත්වය මනින්න තියෙන ප්‍රධානම ඒකකය තමයි ස්වාධීන අධිකරනයක පැවැත්ම. ඒ වගේම අභියාචනා කාර්ය පටිපාටියක පැවතීම. කරා කියලා සැක කරන මිනිහෙක්ව අල්ලගත්ත ගමන් පොලිසිය දඬුවම් කරනවා නං ඒ රටකට උසාවියක් ඕනෙ නෑ. එල්ලුම් ගහේ පැවැත්ම නොපැවැත්ම හෝ එල්ලන්නට කාලයක් ගතවීම යාන්ත්‍රණයේ දෝෂයක්. නමුත් නඩු ඇසීමට කාලයක් ගත වෙනවා කියලා අල්ලගත්ත සැකකරුවකු මරන්න කිසිවෙකුට අයිතියක් නෑ. පුද්ගලයෙක් අපරාධයක් කරාට රජයකට අපරාධයක් කල නොහැකිය. සමාජයක් නිතරම සිතිය යුත්තේ අපරාධකරුවාට වඩා ඉදිරියෙනි. ඔබ හෝ ඔබගේ හිතවතෙකු කිසිදිනක නොකළ වරදකට පැටළුණ විටකදී පොලෝසියෙන් දඩුවම් කරන සිද්ධිය කොච්චර හරිද වැරදිද කියලා තේරේවි. එවැනි විටක අධිකරණ ක්‍රියාවලියක පැවැත්මේ වටිනාකම ඔබට දැනේවි.
මතකද අපේ රටේ කොන්ඩයා කියන තැනැත්තාට වූ දේ. මිනිහා වරද කල බව පිලිගෙනත් තිබුනා. හැබැයි DNA ඔප්පු කලා මිනිහා නිවැරදියි කියලා. තව පොඩ්ඩෙන් මොකෝ වෙන්නෙ. ඌව මරනවා. ව්ද්යාත්මක සාක්කිත් වරදින බවට නිදසුන් එමටයි. වෙලාවක් තියෙනවා නම් ඕස්ට්‍රේලියාවේ බිංගෝ කේස් එක කියවලා බලන්න ඔය හුස්මටම අන්තර්ජාලයෙන්.
සිහි කල යුතු කරුන නම් මානව ඉතිහාසයේ බිහිවූ අංක එකේ තිරිසනුන් වූ දෙවන ලෝක මහා යුද්ධ පුරෝගාමී හිට්ලර් අනුගාමිකයින්ටද දඩුවම් කලේ නඩු විබාගයකින් පසුව බවය. නියුරෙම්බර්ග් නඩු විබාගය නම් වූ එය ජාත්යන්තර අපරාධ නීතියේ ආරම්බය විය.
අල්ලපු එව්න් මැරුවා. දැන් ෆයිල් එක වහල ඇති. සමහර විට අපරාධකරු තාම නිදැල්ලේ ඇති. කවදාවත් අහු වෙන්නෙත් නැති වේවි. මැරුම් කාපු එව්න්ම අජාසත්තලා වෙන්නත් පුලුවන්.
හිරි වැටෙන සිද්ධිය උසාවියෙන් හිරේ දාපු එවුනුත් වැරදිකරුවන් නොව උන් පට්ට අහිංසකයින් බව දශක දෙක තුනකට පසුව හොයා ගත්ත කටුක අත්දැකීම් ලොව පුරා තිබීමයි. එහෙම හදුනා ගන්නකොට සමහර එව්න් විදුලි පිටුවෙ තියලා මරලා ගොඩක් කල්. අපි වගේ රටවල් නෙමේ එහෙම වරද්දා ගත්තෙ හද අල්ලපු, නාසා හදපු රටවල් හොදේ. බඩු තියෙනවා අන්තර්ජාලයේ ඕනෑ තරම් wrongful conviction යටතේ. කියවලා බලන්න.
ශක්තිමත් හා ස්වාධීන අධිකරණ පද්ධතියක් ඇති ලෝ පූජිත විනිසුතුමන්ලා බිහි කරන ලද ඉන්දියාවට මෙම සිදුවීම ස්ත්‍රී දූශනය මෙන්ම කලු පැල්ලමක් එකතු කරනු ඇත. ගොරකා දඩමස් කරන, අල්ලපු එකාගෙන්ම අසා ගෙන පෑනෙන් පරීක්ශන කරන දකුනු ආසියාතික පර්යේෂන රටාව කොතරම් අනාරක්ශිතද යන්න ඔබ දන්නේද? පැමිනිලිකරුම දඩුවම් කිරීම පනින රිලවුන්ට ඉනිමගකි.
අදිකරන ක්‍රියාවලියකින් තොරව කරනු ලබන දඩුවම උමතුවෙන් පසසන ඔබ අහම්බෙන් සිදු වන රිය අනතුරකදී ගුටි කෑමට නියමිත බව මතක තබා ගන්න.
කඩිනම් නඩු විබාගයකින් පසු අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබා දුන්නේ නම් ලොවම එරට පසසනු ඇත.
මැරුවම මරන්නේ ගෝත්‍රිකයෝය.

අරවින්ද හබක්කල.
Comments
Post a Comment