තනිව මා හඩනා වෙලාවේ අම්මපා  උබ ඇවිදින්. .....

මේ ලියන මටත් කියවන උබටත් පටිට පිරිසක් ඉන්නවා නේද? දෙමව්පියෝ, ගෑනි හෝ මිනිහා. ලමයි, නෑයෝ, යාලුවෝ, staff members, නොනෑයෝ. ....

ඒ ඔක්කොම බොරුවක් බං.

 ලොකු සීන් ඕනෙ නැහැ.  ඉස්සර පනිට්ටුවට වතුර අරන් කක්කුස්සි ගිය උබලා දැන් wash room යනවා නේද? දවසට  විනාවි 5ක් උබලා දැන් mirror  එක කියන කන්නාඩිය ඉස්සරහා හෙලුවෙන් ඉදලා උබලටම කතා කරලා බලපල්ලා. අපි හැමෝම තනි උන මිනිස්සු. මේ මහ රෑ මම මේක ලියන්නෙත් උදේ පාන්දර හෝ කොයි මල ඉලව් වෙලාවෙක හරි උබ මේක කියවන්නෙත් අපි ලගම ඉන්න එකා එක්ක බෙදා ගන්න ඉලව්වක් නැතිව අපි තනි වෙලා හින්දා බං.

අපිට මොකද මේ උනේ. ඉස්සර බස් එකේදි   මොකෙක් හරි  ලග වාඩි  උනොත් ඌ පට්ට වාතයක් වෙනවා.,දැන් කතා කලොත් තරහා යනවා.

බලාපල්ලා වෙඩින් එකකට හරි පාටි එකකට හරි ගිහින්. ටිකක් වෙලා යනකොට ලොකු පොරවල් එක්කො phone එකේ. නැත්තං තනියෙං නටනවා. මොකෝ උනේ බං අපිට.

Phone එක ගෙදර අමතක උනොත් රෙදි නැතුව එලි බැස්සා වගේ නේද? ඊට හපං උබේ call වලට ගෙදර එව්න් උත්තර දෙයි කියලා වෙව්ලනවා නේද? Phone එකේ බැටරිය 🔋  බැස්සොත් වත්ත වටේ දුවනවා නේද ලෝකෙ පෙරලුනා වගේ? ලගම එකා අමතක කරලා දුරම  එකාට ආදරය කරන්නට පුරුදු කරපු සකබර්ග්ට සාප වේවා.

රොක් අහන කව්රුත් ජෝතිට ආදරෙයි. විස්කි බොන හැම එකාම රා කට්ටට ආසයි. සුදු අදින හැමෝම හෙලුවට ලොල්.  අපි හැමෝම අසරන යි බං.

ගෙදර ගෑනිව ඉබින්නෙ නැති උබලා night club වල කෙල්ලන්ට  පොර කකා සිගරට් පොවනවා.

ගුරුවරයෙක්ගෙන් ගුටි කෑවම ගෙදර ඇවිත් නොකියපු ඇට්ටර උබලා දරුවෙක්ගෙ කන මිරිකපු ගුරුවරයා ගෙදර යවන්න පාලකයො පස්සෙ යන ගමන් system වෙනස් කරමු  කියලා  ටවුමෙ කෑ ගහනවා.

අගල් දෙකේ නිකරය ගාව සතුට තිබුනත් 3% ජංගි අදින කසාද ගෑනි කනවැල අල්ලන්න හැමදාම ඉන්නවා බං. සීතලේ තුරුලුවන  සුවද විලවුන්  හිරු පායනකොට අතුරුදන් වෙනවා.  දහඩිය සුවදට හුරු වෙයන්. අව්වද වැස්සද අදාල නැහැ එය ගත දැවටේවි ගිම්හානයේදීත් ශීත කාලයේදීත්. කන්නට යමක් රැස් කර ගන්නට ඇය උදව් දේවි සීනි කෑ නිසා ඔබට දියවැඩියාව සැදුනු බව මුමුනමින් රහසේම. උනු උනු වතුර මුට්ටියක හුමාලය ඔබේ ගත උනුසුම් කර අකල් වරුසාවට තෙමී හදා ගත් හෙම්බිරිස්සාව සුවකරනු  ඇත

 ජීවිතේ කියන්නෙ අව්වට දාපු  දාඩිය මිසක් කාසියට ලැබුන විලවුන් සුවද නෙමේ මචං.

අරවින්ද හබක්කල.


Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා

දිලීප්ගේ ලේලි.