සජිත් මහතාට ප්‍රභාකරන්ගේ ඇදුම අන්දවා photo දමා ඇත. අපි දිනුවේ සිංහල බවුද්ද චන්ද වලින් යැයි උදම් අනන්නෝ වෙති. එහෙත් අප තේරුම් නොගත් දෙයක් ඇත. සජිත් මහතා කිවූ දේ දකුන පිලිගෙන නැත. ගෝටාබය මැතිතුමා කී දෙය උතුරට ඇසී නැත. නමුත් උතුරේ ශිවාජිලිංගම්, නැගෙනහිර හිස්බුල්ලා දකුනේ ගෝටාබය මැතිතුමාට පැරදී ඇත. එහි පනිවිඩය වටහා ගනු හැර උතුරට බැනීම අදුරට යාමකි. එසේ නම් නව රජයකට ඇති ප්‍රබලම අභියෝගය දෙපැත්තටම ගැලපෙන කිරියාපිලිවෙලක් සොයා ගැනීමයි. එය කටුක වනු ඇත. දකුනේ අප ඉවසීමෙන් එය දරා ගත යුතුය. උතුර අකමැති නව ජනපතිතුමා උතුර කැමති ජනපතිතුමෙක් වන රටක් කරා එකමුතුව ගමන් කරන තුරු අපි තව තවත් බෙදී වෙන්වෙමින් සිටිමු. කොලබ සිට යාපනයට කතා කල යුතුව ඇත. ඊලාම් සිහිනය මුලාවක් බව පෙන්වීමට ඔවුන් වෙන සහෝදරත්වයේ දෑත දිගු කරනු හැර බිත්තියට හේත්තු කිරීම නොකල යුතු බව අප සියලුදෙනා අවබෝධ කරගත යුතුය. ඉතා කඩිනමින් උතුරු අධිවේගී මග බිහිවේවා. තම්බිමුත්තු ග්‍රාමනිලදාරි මහතා සදලංකාවේද, දිසානායක මහතා පලාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද වැඩ කරන රටක් බිහි වනු දැකීම සැබෑ ලාංකීය පැතුමය. දශකයකට පෙර මහ පොලව යා කල අබිනව ජනපතිතුමාට හදවත් යා කොට එවැනි රටක් බිහි කිරීමේ හැකියාව මනාව ඇති බව අපි හැම විශ්වාස කරමු. ඒ වෙනුවෙන් අපි චන්දය දුන්නෙමු. සහයෝගය දෙමු. සුබවාදී වෙමු. කකුලෙන් නොඅදිමු. ආශිර්වාද කරමු. ඉදිරි මැතිවරන්යේදීත් උතුරේ ප්‍රතිපලය මෙයම නම් අප ලාංකිකයින් ලෙස බිදක් හෝ ඉදිරියට ගොස් නැත. ප්‍රතිපල මගින් උතුරෙන් දකුනටත් දකුනෙන් උතුරටත් ලබා දී ඇත්තේ පනිවිඩයක් මිස තරවටුවක් නොවන බව මැදහත් සිතින් දකිමු.
රානිත්, පාතිමාත් අනුරාධපුර ඉස්කෝලෙ ඇවිත් සරත් එක්ක යාපනේ හරි ඕලුවිල් හරි කැම්පස් යන දවසක මේ රට කොච්චර ලස්සන වේවිද ජනපතිතුමනි. එදාට මුලු රටම දිනුම්. ඔබතුමාට මල් තියාවි මිනිසුන්.
රානිත්, පාතිමාත් අනුරාධපුර ඉස්කෝලෙ ඇවිත් සරත් එක්ක යාපනේ හරි ඕලුවිල් හරි කැම්පස් යන දවසක මේ රට කොච්චර ලස්සන වේවිද ජනපතිතුමනි. එදාට මුලු රටම දිනුම්. ඔබතුමාට මල් තියාවි මිනිසුන්.
මව්බිම දිනේවා!!
අරවින්ද හබක්කල.
Comments
Post a Comment