අපි 10 පංතියේදී ප්‍රජනනය ගැන පාඩමක් තිබින. එහි ශරීරයේ ඇදුම් වලින් වැසී ඇති කෑලි අලංකාරෙට ඇද තිබින. සමහර කොල්ලෝ ඒවා පාටද කර තිබින. අපේ ගමේ ඉස්කෝලේ හැම අලකලංචියක්ම කියා දෙන්නට සිටියේ දිසාපාමොක්ලා අතලොස්සකි. බුද්ධාගම සර්ම ක්‍රීඩාද කලේය. පෙර කී පාඩම උගන්නන්න නියමිතව තිබුනේ සර් කෙනෙකු විසින් නොව ටීචර් කෙනෙකු විසිනි. පාඩම් එකින් එක ඉවර වී එකී රසවත් පාඩම එන තුරු අපි ඇගිලි ගනිමින් සිටියෙමු. එය සැබවින්ම කුහුල, විනෝදය, අවලං කම මුසු වූ විකාරරූපී හැගීමකි. තරුන ටීචර් කෙනෙකු කෙසේ මෙවැනි පාඩමක් උගන්වන්වේදැයි සිතන විට කිචි කැවෙන හැගීමක් අප තුල ඇති විය. පෙරුම් පුරා අදාල දිනය උදා විය. ටීචර් පංතියට නොආවේය. මග ඇරියේය. හැමදාම මග අරින්නට බැරිය. පසු දිනක එන්නට සිදු විය. එහෙත් අපේ පැතුම් ඉටු නොවින. අඩුම ගානේ පංතියේ සිටි පැතුමයාගේවත් පැතුම් ඉටු නොවින. ටීචර් පාඩමෙන් පැන ඉදිරි පාඩම කලේය. අපි ප්‍රජනක පද්ධති වෙනුවට එකිනෙකාගේ මූනු බලා ගත්තෙමු. යන්නට ලෑස්ති වී ටීචර් කිව්වේ ප්‍රජනනය පාඩම තනියෙම කියවා ගන්නා ලෙසය.
ගෘහ විද්‍යාව ඉගැන්නුවේද එම තරුන ටීචර්මය. ඇය කෙල්ලන්ට එම පාඩම වෙනම ගෘහ විද්‍යා කාමරයේදී කියා දී තිබුනේ කොල්ලන්ට ප්‍රජනනය අකැප නිසා විය යුතුය. වාර විභාගයේදී එම පාඩමෙන් කිසිවක් නොඇසීමට ටීචර් කාරුනික වූයේ එය කොල්ලන්ට කරන අසාධාරනයක් බැවිනි.

ඉන් පසු ඒ පාඩම කාගෙන්, කෙලස,කෙදිනක කොතැනදී ඉගෙන ගත්තේදැයි අමතකය. ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ සැටි එලෙසය.නාගරික පාසැල් වල අද තත්වය නොදනිමි. දශක 4ක් ගත වී පෙර කී පාඩම හරි හැටි නොඋගත් පිරිසක් විසින් නව පරපුරක් බිහි කර ඇත. ඔවුන්ගේ ජීවිත තවත් කලු වී ඇත. උසාවි පිරී ඇති ස්ත්‍රී දූශන, අස්වාභාවික ලිංගික අපරාධ, නඩත්තු, දික්කසාද, ඇතැම් මිනිමැරීම් පැල වී ඇත්තේ අර අතහැර දැමූ පාඩමේ බීජය මත යැයි සිතේ. අවම වශයෙන්, වැඩිහිටි කුඩා බේදයකින් තොරව සිරුරේ ඉන්ද්‍රියයන් ටික හරිහැටි කියාගන්නට බැරි වීම ඛේදවාචකයකි.
දෙමාපියනි දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනය ලබා දී නිවැරදිව ලෝකය දකින්නට ඉඩ හරින්න.
දෙමාපියනි දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනය ලබා දී නිවැරදිව ලෝකය දකින්නට ඉඩ හරින්න.
අරවින්ද හබක්කල.
Comments
Post a Comment