ඇත්තක් විය හැකි ප්‍රබන්ධයක්!

ලංකානාථ  කැම්පසයේ රැඩිකල්‍ ය. ශිෂ්‍ය සබාවේ  ක්‍රියාකාරිකයෙකි. ගමෙන් කොලඹ ආ  ඔහු  දැන් තට්ටු දෙකේ මන්දිරයක් හා රෝද හතරක් හිමි ධනපතියෙකි. ඉස්සර  වගේ නෙමේ දැන් රැඩ්කල්  එව්න් පෙන්නන්න බැරිය. JVP නං අජීර්ණ ය. චන්දෙට කලින් කොල පාටව තිබූ ඌගේ මූනු පොතේ දැන් ප්‍රොෆයිල පින්තූරය පොහොට්ටුවකි.

ස්විස් ඇම්බසියේ සිද්දියේදී රට ජාතිය වෙනුවෙන් අම්බානක හැගීමෙන් කතා කරන්නෙකි.  පිරිසිදු සිංහල බව්ද්ධයෙකු වන ඔහුගේ ඇගේ ඇත්තේ  වෙල්ලස්සේ  ලේ ය. කිසිදිනක උසාවියකට ගොස් නැති නීතිගරුක පුරවැසියකු වන ඔහුට ලෝයර්ලා අරහංය. මේ දින වල කලු කෝට්කාර උපුල් කුමාරප්පෙරුමයා පෙන්නන්නට බැරිය. ඌ රට පාවා දුන්නේය.

  මේ නිවාඩු කාලෙ  අවිරුද්දක් පුරා ටික ටික එකතු කර ගත්ත සල්ලි  වලින්  පොඩි එකාගෙ අහසින්  යන  හීනෙත් සැබෑ  කර ගන්නටත් එක්කම ලංකානාථ  රට සවාරියක් යන්නේය.  මල වදයක් නිසා ෆෝනයත් ගෙදර දමලාම යන්නේය.

සාර්ථක  නිවාඩුවක්  ගත කරලා ආපහු ලංකාවට සතුට මුසු උජාරුවකින් එන්නේ හොද ෆොටෝ ටිකකුත් අන්තර්ජාලගත කර නිවාඩුව ගත කල යුතු ආකාරය අන් අයටද උගන්වන්නට සිතාය. තාප්පයට කෙලියා ය.  ආව ගමන් ලංකානාථ  අල්ලන් යන්නේ පොලෝසියෙනි. පොඩි එකා අඩන්නේය. බිරිද දෙස් දෙවොල් තියන්නේය. මොන හෙනයක්ද පාත්‍ උනේ. අනාථ වෙලා ලංකානාථ.

අරන් එනවා කොලඹ පදිංචි නාථ සිඹලාන්ඩුවෙ උසාවියට. කලක් එය "බුවාගේ අඩවිය" විය. නගරය පොඩිය. උසාවිය  පටන් ගත්තේ මෑතකය. ලෝයර්ලා හතර පස් දෙනයි. මොකටද ඉතින් උන් නම්. වැඩක් නැහැ කොහොමවත්. නාථයාට පෙන්නන්න බැහැනෙ ඉතිං ඕකුන්ව.

 ගේනකොට උසාවිය ලග ලොකු පිකටින් එකක්. "මිනිමරුවන්ට සමාව නොදෙනු". හතර අතේ පෝස්ටර්. කැමරා හතර අත. පැයෙන් පැය අප්ඩේට්. රට ගිය දවස් ටිකේ නාථයායගෙ උප්පැන්නෙ ඉදන්ම ලංකාවටම රූප පෙට්ටියෙන් පෙන්නලා. පොඩ් එකාවත් දන්නව දැන් මුලු රටම. පවුලම දැන් ස්ටාර්ලා.

රට යන්න  දවස් දෙකකට කලින් ඉල්ලන් ගියා නේන්නං  අතිජාත යාලුවා ජෙමා වෙහිකලය. රට යන්න කලින් දවසේ නාථ ඔෆිසියෙ වැඩකට අම්පාරේ  ගියේ සියඹලාණ්ඩුවෙ ඔෆිස් එකත් visit කරගෙන.

 කැම්පස්  කාලෙ ඉදන් එක කාමරේ නිදා ගත්ත ජෙමාගෙ සතුට කියන්නෙ ඉතින් නාථයාගේ සතුටම තමා. දෙන්නා ඉතින් අමුඩෙයි පුකයි වගේ ඉස්සර ඉදලාම සමනලයන් නොව්නාට. නාථයාගෙ පරන කරත්තයකට තමයි ජෙමා විය බැන්දෙත්.

යාලුකං බේර ගන්න ගෑනුන්ට බොරු කියන්න ගිනස් රුසියෝ අපි. ඉතින්   wifeta කිව්වෙත් නැහැ ජෙමා  ඉල්ලන් ගියා කියලා වෙහිකලය ආරුගම්  බේ යන්නට.  කොල්ලා මොන තරම් ආසද කැබ් එකට. කැමති නැහැ ඒක දෙනවට කාටවත්. හම්බ කරන ඔක්කොම ලීසිං මහත්තුරුට නෙවැ ඉතිං.

ආරුගම් බේ යන පාර හැටට හැටේ යන්නෙ සියඹලාණ්ඩුව හරහා. ඇරලා 100ට. තෙලිජ්ජ නාපු කොල්ලො ටිකක් 120ට ඇවිත් කැබ් එකේ හැප්පිලා තුන් දෙනෙක් ජීවිතේ කොට කරගෙන මහ මග. පොලෝසියේ  ලොකු මහතෙකුගෙයි, ලෝයරයෙකුගෙයි  දොස්තර මහත්තයෙකුගෙයි ලමයි ටිකක් අප්පා. ජෙමා  කැලෑ වැදිලා.  වාහනේ ගිය ජෙමාගෙ සෙට් එකට ගමේ එව්න් නෙලලා නිල් වෙන්න. උසාවි දාන්නෙ මක්කෙටයි තවත් පෙනි පෙනි වැරැද්ද? දර ටිකකුත් දාලාම ගිනි පිඹලා දඩුමොනරෙට ගමේ අහිංසක ගැමියෝ.

පවුලයි කොල්ලයි කට උත්තර දීලා වාහනේ තිබුනෙ ලංකානාථ ලග කියලා.  ගුටිකාපු එවුන්ව මරන්න ඕනෙ කියලා ඉස්පිරිතාලෙ ගාව ගේම ඉල්ලනවා වට්ටක්කා ගොවියෝ. කොල්ලො අතරෙ ගමේ දොස්තර මහත්තයාග් පුතත් ඉදලා. ඒ ඉස්පිරිතාලෙන් වෙන එකකට ලෙඩ්ඩු මාරු කරන්නට කියලා ජෙමාගෙ යාලුවන්ගෙ නෑදෑයො ගේම. උන්ට ගහන්න හදනවා ඇටෙන්ඩෙන්ට්ලා.

ඒ පොලෝසියේම ලොකු මහතෙක්ගෙ පුතත් මැරිලා නිසා ලංකානාථලාට ඕනෙ පරීක්ෂණ වෙන පොලෝසියකට මාරු කර ගන්න. කොහොමද කියන්නෙ ලංකානාථගෙ කතාව උසාවියට.  නොකල වරදකට මහ උලු ගෙදර යන්නට ඇහැකිද? කෙලියා තීන්ත බාල්දියෙන් ලස්සනට තිබුන ඉස්කෝලෙ  ගවුම වගේ තිබ්බ තාප්පෙට. ටවුමේ ඔක්කොම ලෝයර්ලා තීරනය කරලා පෙනී නොසිටින්නට වාහනයේ ගෑවුන එකෙක් වෙනුවෙන්වත්. ලෝයර්ලාට පෙනී සිටින්නට එපා කියලත් එක්කමයි උසාවිය ගාව උද්ගෝශනේ. පෙනී ඉදලා ගමේ ඉන්නෙ කෝමැයි ඉතින් ලෝයර්ලා.
නාථ අනාථයි!!!

ලගම ඉතින් ආයෙ මොනරාගල තමා. බන්දුසේන මහත්තයාවත් අල්ලන්න ඕනෙ. හැබැයි ශුවර් නැහැ. පොහොට්ටුවෝ පෙන්නන්න බැහැනෙ බන්දු තුමාට. දේශපාලනය වෙන එකක් රස්සාව වෙන එකක්.  බන්දු මහත්තයා යකෙකුටවත් බය නැහැ. අපේ බන්දුවා එනවා. ලස්සනට කියනවා කතාව. දෙසතියක් කෑම පෝලිමේ හිටිය ලංකානාථව එලියට ගන්නවා. නාථයා ඉබිනවා බන්දු තුමාව.  නාථ බන්දු මහත්තයා ගත්ත සල්ලි ගාන කිය කියා බන්දුවාට දෙස් දෙවොල් දෙමින් කොලඹ යනවා.

 බන්දු මහත්තයාගෙ රතු පාට ජීප් එකත් ලීසිං.

අරවින්ද හබක්කල.
.







Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා