ඇත්තම කියන්නද?

 ඇත්තම කියන්නද?


දැන් අර්බුදය බෙල්ලටම එරිල තියෙන්නෙ. පාලකයින් කල් මරනවා. අපි හැමෝම ප්‍රමාණවත් විරෝධයක් පාලකයින්ට දක්වන්නෙ නෑ. මධ්‍යම පන්තිය ඉතා වේගෙන් අර්බුදය තුල ජීවත් වීමේ ක්‍රමවේදයට හැඩ ගැහෙමින් ඉන්නවා. 


ගෙවතු වගා කරනවා, බයිසිකල් පදිනවා, බස්  එකේ යනවා, කරුවලේ ඉන්නවා හැමනෙනවා.


මේ ගානට උද්ධමනය තිබ්බොත් පාන් ගෙඩිය ලබන දෙසැම්බරේ  රුපියල්  එක්දාස් දෙසීයට යනව කියල නිවුස් එකක් දැක්කා මම. එහෙම උනොත් මධ්‍යම පන්තිය එක වේලට හෝ දෙවේලට හැඩ ගැසේවි. 


V8, බෙන්ස්. අවුඩි, හමර්, මොන්ටෙරෝ  තෙල් පෝලිම් වල තියෙන්නෙ ඉතාමත් කලාතුරකින්. ත්‍රී  වීල් භවතුන් පෝලිම් වල ඉන්නෙ එයාලටත් එක්ක. එලියෙ පැට්‍රල් එක්දාස් පන්සීයයි. සල්ලි යහමින් තියෙන එකා  වේ වෙලාවෙ  කලු කඩෙන් ගෑස් එකත් ගන්නවා.තෙල් පෝලිමේ ප්ලේස්  එකක් පන්දාහයි, දෙදාහයි. 


හැකි හෑම එකාම මොනවා හරි ලයින් එකක් ගහලා fuel පර්මිට්  එකක් හදා ගන්න මේ දවස් වල ට්‍රයි එක. බූලි තියෙන හැම එකාම පුලුවන් මට්ටමින් ගෙවල් වල බූලි වල තෙල් පුරවන්.  පුලුවන් නම් ජුන්ඩට රබර්පටියක්  දාල පෙට්‍රල් බීලා ගෙදර ගිහින් සින්ක් එකට පුරව ගන්නවා අපි.


ඉස්කෝල දවස් තුනයි. රජයේ කාර්‍යාල සතියට දවස් හතරයි. ( ගොඩක් ඒවා නම් වහලම දාන ඕනෙ, මොකද පොත අතනින් මෙතනට ගෙනියන්න, ලොක්කගෙ කාර් එකේ දොර අරින්න්තත් ගොඩක් තැන් වල කට්ටිය ඉන්නවා)


කොටින්ම කිව්වොත් උසාවිය නිශ්ශබ්ද වන් කියන්න පඩියක් ගෙවල රජයේ සේවකයෙක් තියන් ඉන්න සිස්සිටම් එකක් අපේ තියෙන්නෙ. 


ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. අවුලක් නෑ තාම අපේ පවුල් වල උන් ලෙඩ උනේ නෑ. බස් ගාස්තුව මාස් පඩි කාරයෙකුට ගෙවා ගන්න බෑ. ත්‍රී වීල් ගාස්තු ජෙට් ගාස්තු වලට සමානයි. හැම එකාම නන්නත්තාරයි. ඒත් යස අගේට අපි අර්බුදයට හුරු වෙමින් ඉන්නවා.


පාර්ලිමේන්තුවේ උන් අම්මට හැමනෙනවා. ඔට්ටුවක් තියන්නම් ඕකුන්ගෙන්  බහුතරයක් ආයෙත් පාර්ලිමේන්තු එනවා. චන්දෙ කාලෙට ඕකුන් ලාම්පුතෙල්, පැට්‍රල් ලීටරේ ගානෙ බෙදන්නත් බැරි නෑ. 


අපේ ජීවිත කාලෙ කවදාවත් පැට්‍රල් ශෙඩ් ආමි එකෙන් මුර කරයි,චන්ඩි විතරක් පැට්‍රල් ගහ ගනීවි කියලා හිතුවද? ඉන්ධන හිග වෙනවා කියලා මුලින්ම කිව්ව උන්ට ජනතාව කුපිත කරනවා කියලා නඩුත් දැම්මා මතකයි මට නම්. අන්න ඒ වගේම තමා  ඉදිරි කාලෙදි හාල් මෝල්, ෆාමසි, බේකරි,සුපර්මාකට්, ඔක්කොම මුරකරනවා අපිට දකින්න ලැබේවි. එදාටත් අපි කුක්කො වගේ තනි තනිව ගේම ගහ ගනීවි. කලු කඩෙන් වැඩි මිලට පාන් රාත්තලක් කාලා පොඩි උන් එක්ක සැනසේවි.


ඉගෙන  ගත්  යම්කිසි මට්ටමක උන් කටවල්  වහගෙන ඉන්නෙ උන් දන්නවා බඩගින්නෙ මැරෙන ලිස්ට් එකේ උන් ඉන්නෙ අන්තිමට කියලා. මේ මොහොතේ  උන් ගහන්නේ සුපුරුදු පරිදිම වරප්‍රසාද ලබා ගැනීමේ ගේම් එක. ඒක මේ මැද පංතියට පත්තියම් වෙච්ච කුපාඩි කමක්.ඒ ගොඩේ මාත් ඉන්නවා. හැබැයි තෝත් ඉන්නවා කියලා පිලි  ගනින් වල් මූසල  පරයා. 


මැච් එකට ආව සෙනග  ගෝල්ෆේස් යන්නෙ නෑ. ධම්මික පෙරේරලා කවදාවත් පාඩු වෙන බිස්නස්  කරන්නෙ නෑ. දිනේශුයි ඩලසුයි වෙනස් වෙන්නෙ උසින්  විතරයි කියලා කවුරුත්  පිලි ගන්නෙ නෑ. 


මේ රට කවදාවත් ගොඩගන්න පුලුවන්කමක් නැද්ද? අපිට මේක  උරුමයි. තම තමන්ගෙ පපු කැවුත්තට තට්ටු කර ගනිල්ලා. අනේ උඹලයි අපියි හදන සිසිටම්  චේන්ජ්. ලබ්බ තමා.


අරවින්ද හබක්කල.

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා