දිලීප්ගේ ලේලි.

 දිලීප්ගේ ලේලි.

****************

මල පැන්නාම කුණුහරප කීප පිරිමින්ට විතරක් අයිති දෙයක්ද? මිනිසුන්ට ඇවැසි  තමන්ට යමෙකු   ගහන්න බෙල්ලෙන් ඇද්දාම ඉතිපිසෝ ගාථාව කියන ගෑනියෙක්ද?  අඩෝ බලා ගමු කෑලි කපනවා කියන ගෑනියෙක්ද? 

සාමාන්‍යයෙන් වැඩිපුර වලි දා ගන්නේ පිරිමින් ය. ඉදහිට ගැහැනුන්‍ ය. පිරිමින් වලි දා ගත්තම ඒ මැද්දට පනින අපේ ගෑනුන් කරන්නේ අපේ එකාවම අල්ලා ගන්නා එකය. එවිට වෙන්නේ පිට එකා අපිට අම්බානක නෙලන එකය.


මගේ ගෑනී දිලීප වෙදආරච්චිගේ ලේලිය වගේ වෙනවාට මා නම් කැමතිය. හැම මොහොතේම  හුරතල් වන ගෑනුන්ගෙන් වැඩක් නම් නැතිය.


වීඩියෝ එක එලියට එන්නේ පොලිසිය පැත්තෙන් කරපු රෙකෝඩින් එකෙන් ය. පොලිසියට බැන්න එක වැරදි උනත් කතාවට සාධාරනයක් වීම සදහා වීඩියෝව සම්පූර්ණයෙන් තිබුනා නම් හොදය. අපේ රටේ පොලෝසිය වාහනයක් නැවැත්තුවාම එහි ඩ්‍රැයිවරයාට දාන ලෙඩ ගොඩ ඔය ලොකු මහත්තුරු කවුරුවත් නොදන්නේ රස්සාව වින්ස්ක්‍රීන් එකේ ගහගෙන යන නිසාය. නැවැත්තුවාම රස්සාව අසා යන්න සර් කියන නිසාය. 

එසේ හැමදාම යන්න පුරුදු වුන එවුන්ට මොනවා හරි කීවාම මල පනින එක මේ රටේ හැටිය. 


කුණුහරප නොදන්නා ගැනියෙක් හා ට්‍රැෆික් වරදවල් වලට පොලිසිය සමග ඇර නොගත් පිරිමියෙක් ඒ කුජීත කපල් එකට පලමු ගල ගහන ලෙස ඉල්ලා සිටිමිය.


අරවින්ද හබක්කල

Comments

Popular posts from this blog

මගෙ දූට අපහාස කල තට්ටයා