ඇත්තම කියන්නද?
ඇත්තම කියන්නද? දැන් අර්බුදය බෙල්ලටම එරිල තියෙන්නෙ. පාලකයින් කල් මරනවා. අපි හැමෝම ප්‍රමාණවත් විරෝධයක් පාලකයින්ට දක්වන්නෙ නෑ. මධ්‍යම පන්තිය ඉතා වේගෙන් අර්බුදය තුල ජීවත් වීමේ ක්‍රමවේදයට හැඩ ගැහෙමින් ඉන්නවා. ගෙවතු වගා කරනවා, බයිසිකල් පදිනවා, බස් එකේ යනවා, කරුවලේ ඉන්නවා හැමනෙනවා. මේ ගානට උද්ධමනය තිබ්බොත් පාන් ගෙඩිය ලබන දෙසැම්බරේ රුපියල් එක්දාස් දෙසීයට යනව කියල නිවුස් එකක් දැක්කා මම. එහෙම උනොත් මධ්‍යම පන්තිය එක වේලට හෝ දෙවේලට හැඩ ගැසේවි. V8, බෙන්ස්. අවුඩි, හමර්, මොන්ටෙරෝ තෙල් පෝලිම් වල තියෙන්නෙ ඉතාමත් කලාතුරකින්. ත්‍රී වීල් භවතුන් පෝලිම් වල ඉන්නෙ එයාලටත් එක්ක. එලියෙ පැට්‍රල් එක්දාස් පන්සීයයි. සල්ලි යහමින් තියෙන එකා වේ වෙලාවෙ කලු කඩෙන් ගෑස් එකත් ගන්නවා.තෙල් පෝලිමේ ප්ලේස් එකක් පන්දාහයි, දෙදාහයි. හැකි හෑම එකාම මොනවා හරි ලයින් එකක් ගහලා fuel පර්මිට් එකක් හදා ගන්න මේ දවස් වල ට්‍රයි එක. බූලි තියෙන හැම එකාම පුලුවන් මට්ටමින් ගෙවල් වල බූලි වල තෙල් පුරවන්. පුලුවන් නම් ජුන්ඩට රබර්පටියක් දාල පෙට්‍රල් බීලා ගෙදර ගිහින් සින්ක් එකට පුරව ගන්නවා අපි. ඉස්කෝල දවස් තුනයි. රජයේ කාර්‍යාල සතියට දවස්