කැලේ රජා කවදත් සිංහයාය. වල් බූරුවා රජාගේ යටත්වැසියෙකි. කොටියාද එලෙසමය. දිනක් කොටියා හා බූරුවා වාදෙක පැටලෙන්නේය. වාදය තණකොල වල පාට ගැනය. ලෝකයම තණකොල වල පාට දන්නේය. එය 🐅 කොටියාද දන්නේය. එනිසා ඌ කියන්නේ තණකොල කොල පාට බවය. බූරුවෙක් කිසිවිට පිලිගනීද කොටියෙකුගේ මතය. වෙනස් විදියකට දකිමින් බූරුවා කියන්නේ තණකොල නිල් පාට යැයි කියාය. කොටියා ඔලුවෙන් හිටං කියන්නේ තණකොල කොල පාට බවය. බූරුවා කිසි ලෙසක එය පිලි නොගන්නේය. ඌ උගේ ස්ථාවරයෙන් අගලක් වත් පස්සට නොයන්නේ උන්ගේ සනුහරේ කිසිවෙකුත් එලස නොකරනා බැවිනි. කොටියාට ඌරු ජුවල් ය. බූරුවා වැරදි බව කොටියා ටක්කෙටම දන්නේය. වාද පිටිය ගුටි කෙලියක් දක්වා යන්නට ඔන්න මෙන්නය. කොටියා බූරුවා සමග හෝරා දෙකක් නොනැවතී තර්ක කලද පලක් නැත.
කොටියා බූරුවාට අසරන වී ඇත. කරන්නට ඇති එකම දෙය හරි වැරැද්ද දැන ගැනීමට කැලේ රජා සිංහයා වෙත යාමය. කොටියා දැන් බූරුවාට කියන්නේ සිංහයාගෙන් ගොස් අසමුය කියාය. බූරුවාද සිව් පයින් මෙයට කැමතිය. මන්ද කොටියා වැරදි බවත් තමා නිවැරැදි බවත් බූරුවා හිතන්නේය. ඌ සියල්ල දන්නේය.
දෙදෙනාම සිංහ රජා වෙත ගොස් දුක් ගැනවිල්ලක් ඇති බව කියන්නෝය. පැනය කිමෙක්දැයි සිංහයා අසන්නේය. රජතුමනි, තණකොල කොල පාට නේදැයි කොටියා අසන්නේය. රජතුමනි තණකොල නිල් පාට බව මම මෙයා එක්ක හෝරා දෙකක් මාගේ මහා දැනුමෙන් තර්ක කලද ගොන් කොටියා පිලිගත්තේ නැති බව බූරුවා කියා පාන්නේය. කියන්න රජතුමනි තණකොල නිල් පාට නේද? බූරුවා අසන්නේය. ගොන් බූරුවා නන් දොඩවන්නේ හරිහැටි නොදැනය. කවුරුත් දන්නා පරිදි තණකොල කොලපාට බව පවසන්න රජතුමනි කොටියාගේ විශ්වාසවන්ත කටහඩය.

අහෝ නොසිතූවකි. රජා නොපැකිල පිලිගන්නේ බූරුවාගේ මතයය. කොටියා නන්නත්තාරය. බූරුවාට පිටව යන්නට අවසර ලැබෙන්නේය. එනමුත් කොටියාට එසේ නොලැබෙන්නේය. කොටියාට වසර දෙකක සිර දඩුවමක් ලැබෙන්නේය. කොටියාට අමුඩෙන් හෙනයක් වැදුනා වැනිය. හිතා ගන්නට බැරිය.
රජතුමනි තණකොල කොල පාට නොවේද? ඔබද බූරුවා කී දේ හරි යැයි කියා නිවැරදි මා හිරේ දමන්නේ මන්දැයි අසන්නේය. "තණකොල කොල පාටය. බූරුවා වැරදිය. තෝ හරිය. එහෙත් තෝ හිරේ දමන්නේ කියපු දේ වැරදි නිසා නොව බූරුවෙක් සමග දෙපැයක් වාදයට යාමේ වරද නිසා" බව සිංහරජා පවසන්නේය.
කතාව මට කිව්වේ ජගත් වික්රමනායකයානෝය.

අරවින්ද හබක්කල.
Comments
Post a Comment