Posts

කැලේ රජා කවදත් සිංහයාය. වල් බූරුවා රජාගේ යටත්වැසියෙකි. කොටියාද එලෙසමය. දිනක් කොටියා හා බූරුවා වාදෙක පැටලෙන්නේය. වාදය තණකොල වල පාට ගැනය. ලෝකයම තණකොල වල පාට දන්නේය. එය  🐅  කොටියාද දන්නේය. එනිසා ඌ කියන්නේ තණකොල කොල පාට බවය. බූරුවෙක් කිසිවිට පිලිගනීද කොටියෙකුගේ මතය. වෙනස් විදියකට දකිමින් බූරුවා කියන්නේ තණකොල නිල් පාට යැයි කියාය. කොටියා ඔලුවෙන් හිටං කියන්නේ තණකොල කොල පාට බවය. බූරුවා කිසි ලෙසක එය පිලි නොගන්නේය. ඌ උගේ ස්ථාවරයෙන් අගලක් වත් පස්සට නොයන්නේ උන්ගේ සනුහරේ කිසිවෙකුත් එලස  නොකරනා බැවිනි. කොටියාට ඌරු ජුවල් ‍  ය. බූරුවා වැරදි බව කොටියා ටක්කෙටම දන්නේය. වාද පිටිය ගුටි කෙලියක් දක්වා යන්නට ඔන්න මෙන්නය. කොටියා බූරුවා සමග හෝරා දෙකක් නොනැවතී තර්ක කලද පලක් නැත. කොටියා බූරුවාට අසරන වී ඇත. කරන්නට ඇති එකම දෙය හරි වැරැද්ද දැන ගැනීමට කැලේ රජා සිංහයා වෙත යාමය. කොටියා දැන් බූරුවාට කියන්නේ සිංහයාගෙන් ගොස් අසමුය කියාය. බූරුවාද සිව් පයින් මෙයට කැමතිය. මන්ද කොටියා වැරදි බවත් තමා නිවැරැදි බවත් බූරුවා හිතන්නේය. ඌ සියල්ල දන්නේය. දෙදෙනාම සිංහ රජා වෙත ගොස් දුක් ගැනවිල්ලක් ඇති බව කියන්නෝය. ...